
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
"උඹ නේද මගේ පෑන ගත්තේ ,උඹ ගැන මම එළියට ආවහම බලාගන්නම්" යනුවෙන් පරුෂ වචනයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා බැණ වැදි තර්ජනය කළ බව පවසමින්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයකු පැමිණිල්ලක් සිදුකර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
තර්ජනයට ලක් වූ නිලධාරියා මේ වන විට තංගල්ල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තංගල්ල ඒකකයට අනුයුක්තව කිලිනොච්චිය ත්‍රස්ත විමර්ශනය ඒකකයේ සිට තංගල්ල පැරණි බන්ධනාගාරයේ විශේෂ රාජකාරී සඳහා පැමිණ සිටින අයෙක් බව එම නිලධාරියා කීය.
ඊයේ (4) එම නිලධාරියා පැය 06.00 සිට දහවල් 2.00 දක්වා ත්‍රස්ත විමර්ශන අංශයේ පොරොත්තු සේවා රාජකාරී වාර්තාකර සිටියදී නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන අය පැය 8 ට පමණ දිය නෑම සඳහා සිර මැදිරියෙන් එළියට රැගෙන ගොස් ඇත. එම සැකකරු දිය නාන අවස්ථාවේ සිර මැදිරිය පරික්ෂා කිරීමේදී එහි තිබී කාබන් පෑනක් හමුවී ඇත.
සැකකරු දිය නා නැවත සිර මැදිරිය වෙත පැමිණීමෙන් පසු සිර මැදිරියේ තිබූ කාබන් පෑන නොමැති බව දැක තමන්ට තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැණ වැදුණු බව පවසමින් තංගල්ල මූලස්ථාන පොලිසිය වෙත එකී පැමිණිල්ල සිදුකර ඇති බව උසස් පොලිස් නිලධාරියා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හරක් කටාගේ පෑන ගත්තයි SIට මරණ තර්ජන
chinthana Tuesday, 05 August 2025 01:40 PM
සුළු වරදකට හිරේ ගිය අයට පොඩි දේකටත් පහර දෙන පොලිසිය, පාතාල නායකයන්ගේ බනිද්දිවත් උන්ට අත තියන්න බයයි. දෙබිඩි පොලිසිය.
Perakum LiyanagamaTuesday, 05 August 2025 03:09 PM
ඇයි chinthana දන්නේ නැද්ද පොලිසිය දෙබිඩි කරන්නේ දේශපාලුවෝ කියලා? බලමු ඉස්සරහට කොහොම වෙයිද කියලා. බැරි වුණොත් කලබල නොවී ඉන්න අපට වෙන විකල්ප තියනවා. හැබැයි අර පරණ හිටපු දේශපාලුවෝ නම් නොවෙයි..
fairoos Tuesday, 05 August 2025 05:56 PM
පැය 8 ක් නාන්නේ අලියෙක්ද?