
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
"උඹ නේද මගේ පෑන ගත්තේ ,උඹ ගැන මම එළියට ආවහම බලාගන්නම්" යනුවෙන් පරුෂ වචනයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා බැණ වැදි තර්ජනය කළ බව පවසමින්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයකු පැමිණිල්ලක් සිදුකර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
තර්ජනයට ලක් වූ නිලධාරියා මේ වන විට තංගල්ල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තංගල්ල ඒකකයට අනුයුක්තව කිලිනොච්චිය ත්‍රස්ත විමර්ශනය ඒකකයේ සිට තංගල්ල පැරණි බන්ධනාගාරයේ විශේෂ රාජකාරී සඳහා පැමිණ සිටින අයෙක් බව එම නිලධාරියා කීය.
ඊයේ (4) එම නිලධාරියා පැය 06.00 සිට දහවල් 2.00 දක්වා ත්‍රස්ත විමර්ශන අංශයේ පොරොත්තු සේවා රාජකාරී වාර්තාකර සිටියදී නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන අය පැය 8 ට පමණ දිය නෑම සඳහා සිර මැදිරියෙන් එළියට රැගෙන ගොස් ඇත. එම සැකකරු දිය නාන අවස්ථාවේ සිර මැදිරිය පරික්ෂා කිරීමේදී එහි තිබී කාබන් පෑනක් හමුවී ඇත.
සැකකරු දිය නා නැවත සිර මැදිරිය වෙත පැමිණීමෙන් පසු සිර මැදිරියේ තිබූ කාබන් පෑන නොමැති බව දැක තමන්ට තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැණ වැදුණු බව පවසමින් තංගල්ල මූලස්ථාන පොලිසිය වෙත එකී පැමිණිල්ල සිදුකර ඇති බව උසස් පොලිස් නිලධාරියා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු වරදකට හිරේ ගිය අයට පොඩි දේකටත් පහර දෙන පොලිසිය, පාතාල නායකයන්ගේ බනිද්දිවත් උන්ට අත තියන්න බයයි. දෙබිඩි පොලිසිය.
පැය 8 ක් නාන්නේ අලියෙක්ද?