(රන්ජන් කටුගම්පොළ)

නීතියට පටහැනි අන්දමින් රහස් පොලීසියේ රැඳවුම් භාරයේ රඳවා ගෙන සිටින තමන් වහාම මුදා හරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හරක් කටා නොහොත් නදුන් චින්තක වික්‍රමරත්න නැමැත්තා  අධිකරණයේ ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 11 වැනි දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන ,ප්‍රියන්ත ප්‍රනාන්ද  සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

මෙම පෙත්සම වගඋත්තරකරුවන් හැටියට රහස් පොලිසියේ ප්‍රධානියා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.