
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් "හරක් කටා” දැඩි ආරක්ෂාවක් යටතේ මාතර අධිකරණයේ විභාග වන නඩුවක් සදහා ඉදිරිපත් කිරීමට අද රැගෙන ආවේය.
ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, ත්‍රස්ත විමර්ශන ඒකකය, විශේෂ කාර්යාංශය හා රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු නිලධාරීන් සියයකට වැඩි පිරීසක් රාජකාරීවල යොදවා තිබූණි.
2018 වසරේ මාර්තු මස 11 වන දින වැලීගම දී ජීව බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 600ක් සමග වැලිගම පොලිස් වසමේදි “හරක් කටා” පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සැක පිට අත්අඩංගුවට ගෙන තිබු අතර ඊට අදාල නඩුවට ඔහු අධිකරණයට ඉදිරීපත් කළේය.
එම නඩුව කැඳවන අවස්ථාවේදී අධිකරණ ශාලාවේ සිටි සිවිල් ජනතාව හා අනකුත් සියලු දෙනා ඉවත්කොට විශේෂ ආරක්ෂාව යටතේ අදාල නඩුව විභාගයට ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ මුදල් නාස්ති නොකර ඔය නඩු ඉක්මනින් අහල ඉවරකරන්න. මේ සමාජ විරෝධීන්ගේ ආරක්ෂාවට අපරාදෙ මෙහෙම වැයකරන්නේ.
කලකට ඉහතදී ප්‍රභූ අපරාධකාරයෙන් ගමන් බිමන් ගියේ මෙහෙමයි, දැන් අපරාධකාරයෙන් උසාවි එන්නේ මෙහෙමයි.
පසුගිය දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ දළුලා වැඩුණු මේ පාතාල කෙරුවාව, තනිකරම විකාරයක් වෙලා. වත්මන් රජයට ඉක්මණින් ඇස් ඇරේවා.
ගනේමුල්ල ගේම් එක පැහැදිලියි .හරක් කටත් එහෙමයි .කෝ දැන් සූම් එකෙන් නඩු අහනවා කීවා නේද ?