( බී.ජී.චතුරංග)
කොළඹ ප්‍රදේශයෙන් වෑන් රථයක් කුලී පදනම මත ලබා ගෙන අනුරාධපුරයට පැමිණ, හරක් හොරකම් කර මස් සඳහා විකුණු කල්ලියක පුද්ගලයන් 6 ක්, වෑන් රථය සමඟ අත්අඩංගුවට ගත් බවඅනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ත් 46ත් අතර වියේ පසුවන අනුරාධපුර රඹෑව සහ කොළඹ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් හය දෙනෙකි.
එම හොර හරක් ජාවාරමේ මහ මොළකරු වන හිටපු විශේෂ කාර්ය බළකා සෙබළෙකු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් බව පොලීසිය ඳහන් කළේය.
මීට මාසයකට පමණ පෙර අනුරාධපුර, යාපනේ හංදිය ප්‍රදේශයේදී එළ ගවයන් දෙදෙනෙකු සහ අනුරාධපුර ගෙවල් පනස් පහ ප්‍රදේශයේ දී එළ ගවයින් තුන් දෙනෙකු සොරකම් කිරීමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී මෙම සොරකම සඳහා පැමිණි වෑන් රථය වැලිසර, මහබාගේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් බව හඳුනා ගත් බව පොලීසිය කියයි.
ඉන් අනතුරුව වෑන් රථයේ හිමිකරු ගෙන් රථය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී, හිටපු විශේෂ කාර්ය බලකා සෙබළකු වන මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු, වෑන් රථය කුලී පදනම මත ලබා ගෙන ඇති බව අනාවරණය වූ බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර හරක් ජාවාරමෝ පොලීසියට කොටුවෙති