
(ටී.කේ.ජී.කපිල)
රුපියල් ලක්ෂ හතක් වටිනා විසිතුරු පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (24) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු ජා - ඇළ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යනයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ඇන්තූරියම් , ඇලොකේෂියා සහ මොන්ස්ටෙරා ශාක පදුරු 80 කට අධික ප්‍රමාණයක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කර ඇති නවීනතම ස්කෑන් යන්ත්‍ර භාවිතා කරමින් මෙම අත් අඩංගුවට ගැනිම තිබුණි .
මෙම විසිතුරු පැළ තොගය මෙරටට ආනයනය කිරීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආනයනය බලපත්‍ර නොතිබුණු අතර ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත සහ ශාක නීරෝධායන පනතේ විධ්විධාන ද උල්ලංඝනය කරමින් සිදු කර තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ගුවන් මගියා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවීනතම ස්කෑන් යන්ත්‍ර භාවිතාකරලා රස්සාවට ගිහින් මාස තුනෙන් තට්ටු තුනේ ගෙවල් හදපු, හදන හොරු රැල අල්ලන්න බැරුව ඇති...
නියම කතාව. කවුරුත් හදවතට අතතියලා බලන්න.