
(අංජුල මහික වීරරත්න)
බන්ධනාගාර රැඳවුවන්ගේ කුසලතා නිර්මාණ ඇතුළත් “ සිරසර ශිල්ප 2025 ’’ ප්‍රදර්ශනයේ අවසන් දින විවෘත කිරීම බන්ධනාගාර වෘත්තිය උපදේශකවරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල දියත පරිශ්‍රයේදී අද(17) සිදු කෙරිණි.
බන්ධනාගාර ගත වන රැඳවියන් සමාජයට වැඩදායී පුද්ගලයින් බවට පත් කර වෘත්තිය පුහුණුව ලබාදී ඔවුන්ට නිර්මාණාත්මක කුසලතා පුහුණුව දීම වෙනුවෙන් වෘත්තිය උපදේශකවරුන්ගේ සේවය අගය කිරීම සඳහා ඔවුන් අතින් ප්‍රදර්ශනය විවෘත කිරීමට කටයුතු යොදා තිබිණි.
සියලු බන්ධනාගාර වෘත්තීය උපදේකවරුන් නියෝජනය කරමින් වැලිකඩ සහ මහර බන්ධනාගාර වෘත්තීය උපදේකවරුන් ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටි අතර, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) සේනක පල්ලෙතැන්න, වැලිකඩ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර ඒ.සී. ගජනායක, අනුරාධපුර බන්ධනාගාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක යන මහත්වරුන් විසින් බන්ධනාගාර වෘත්තීය උපදේකවරුන්ව පිළිගැනීම සිදු කළේය.
බන්ධනාගාරගතව සිට වෘත්තීය පුහුණුව ලබා සාමාජගතවු පසු සාර්ථකවී සිටින ව්‍යවසායකයින් විසින් ඊයේ ( 16) දින ප්‍රදර්ශනය විවෘත කිරීම සිදු කරන ලදී.
බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය වන කාලසීමාවේදී ඔවුන් සතුව පවතින දක්ෂතාවයන් අනුව කෘෂි අංශය, කොසු ඉදල් අංශය, වඩු අංශය, කම්මල් අංශය,සබන් අංශය, බේකරි අංශය, බ්ලොක් ගල් අංශය, විවින් අංශය, මැහුම් අංශය සහ පාවහන් අංශය ඇතුළු විවිධ අංශ සදහා යොමු කරන අතර, එහිදී ඔවුන් සකස් කරනු ලබන භාණ්ඩ සහ නිර්මාණ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබිණි.
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිරේ ගිහින් වැඩ පෙන්නූ අයගේ පොළ අදත්
උකුස්සා Thursday, 17 July 2025 01:49 PM
හොඳම නිර්මාණය නුවර පැත්තේ හිර පවුලකින්ලු...
යෝගා ඩෝබි Thursday, 17 July 2025 03:24 PM
බලයේ ඉන්දැද්දී වැඩ පෙන්වූ කට්ටිය, හිරේ ගිහිං පෙන්නන වැඩවල පොළ කවදාද?
Bunny Preena Thursday, 17 July 2025 04:01 PM
අපි හැමදාම දකින නිලධාරීන්ගේ ඡායාරූපය පෙන්වන්නේ නැතිව අඩුගානේ බන්ධනාගාර රැඳෙවියන්ගේ නිෂ්පාදන වල ඡායාරූප ටිකක් දානවා නම් වටිනවා. අඩුගානේ ජනතාව ආකර්ශණය කරගන්න තිබුණු බදු ටිකක් හරි විකුණා ගන්න.