
(නිමල කොඩිතුවක්කු)
අනික් පක්ෂ ඡන්ද දිනන එක ගැන සමීක්ෂණ කරන විට සමගි ජන බලවේගය රට ගොඩනගන කණ්ඩායම සහ වැඩපිළිවල ඉදිරිපත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
අනුප්‍රාප්තික අගමැතිකම් ජනාධිපතිකම් ප්‍රතික්ෂේප කළේ හොරු රකින්න අකමැති නිසා බැවින් තමා සමග සිටින දක්ෂ කණ්ඩායම සමග හොරු අල්ලා හොරා කෑ දේපල රටට ලබා ගන්නා බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
තමා තනතුරු බාර ගත්තේනම් පොහොර වංචාකාරයෝ මූල්‍ය වංචාකාරයෝ රකින්න සිදුවන බවත් ජනතාවගේ තෝරා ගැනීමෙන් රටේ නායකයා වී වංචාවට, දූෂණයට තිත තබන බවත් මහියංගනයේ පැවැති සමගි ජන පවුර වැඩසටහන අමතමින් ඔහු කීවේය.
අද රටේ බෙදුම් රේඛාවක් ඇති බවත් එක් පැත්තකින් කයිවාරු කාරයන්, හොරුන්, දූෂිතයන්, ආත්මාර්තකාමීන් සහ කුහක පිරිස් සිටින විට අනික් පැත්තේ වැඩ කරන වැඩ කාරයන්, අවංක සමාජ සේවය හා සංවර්ධනය සහිත පරාර්ථකාමි දක්ෂ කණ්ඩායමක් සිටින බවත් විපක්ෂනායකවරයා පැවසීය.
තමා සමග හොරු, කයිවාරුකාරයෝ, වංචාකාරයෝ, අල්ලස් දූෂිත දේශපාලනය නොමැත බැවින් ජනතාව සහ රට ගැන සිතා කටයුතු කිරීම පහසු බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මෙතෙක් කල් රටේ වුයේ ජනතාව බෙදා රජවීම බවත් ජාති ආගම් කුල ජන කොට්ඨාස ගම් නගර අනුව බෙදා සුළු කොටසක් සැපසේ සිටියත් සාමාන්‍ය ජනතාව දුක් විදින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රට ගොඩනගන්න ප්‍රේමදාසලාට කාගෙන්වන් උපකාරක පන්ති අවශ්‍ය නොවන බවත් ජනසවිය ක්‍රියාත්මක කළේ රටේ යුද්ද 2ක් ඇති අවස්ථාවේ බවත් ඔහු කීවේය.
පාසල් දරුවන්ට නිල ඇදුම, දිවා ආහාරය එකළ ලබා දුන් බවත් සක්වල හා හුස්ම ක්‍රියාත්මක කරන ආකාරයට රටට ලබා ගත හැකි ඉහළම ආධාර ලබා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට කරන කරන සියලු සමීක්ෂණ මගින් සමගි ජන බලවේග ජයග්‍රහණය කර ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
රාජ්‍ය බලය ගෙන බදු ගෙවන්නන්ගේ අරමුදල් වැය කර රට සවාරි ගොස් හිස් අතින් නැවත රටට එන ප්‍රතිපත්තියේ තමා ඇතුළු පිරිස නොමැති බවත් යන සෑම ගමනකින්ම රටට ප්‍රායෝජනයක් ගෙන පැමිණිය යුතු බවත් ඔහු කීවේය.
කයිවාරු ක්‍රමයේ වෙනසින් රටට වැඩක් නොමැති නිසා ජනතාවට දැනෙන ක්‍රමයේ වෙනසක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රට හිතාමතාම බංකොලොත් කිරීම නිසා රටෙන් අඩක් දුප්පතුන් බවට පත්ව ඇති බැවින් ජන සවියට වඩා ශක්තිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කර සදාකාලික සහනාධාර ලබා නොදී දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.
මේවා කරන්න වැඩ බැරි කයිය නායකයන්ට මුදල් නොමැති වුවත් තමාට ඒ සදහා මුදල් සොයන ක්‍රම ඇති බවත් ප්‍රේමදාස මහතා කීවේය.
රටේ පාලකයා ටයි කෝට් ඇදන් ලෝකේ වටේ සවාරි ගැහුවත් රටට අගයක් එකතු නොවූ බවත් ඔවුන්ට පොදුජනතාව ගැන හැගීමක් නොමැති වුවත් තමාට ජනතාව ගැන කැක්කුමක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ලිට්රෝ, ටෙලිකොම්, රක්ෂණ සමාගම වැනි ලාභ ලබන ආයතන විකුණමින් වත්මන් පාලකයෝ හැසිරෙන්නේ රට සින්නක්කරව ලියා ගත් ආකාරයට බවත් ඔහු සඳහන් කළේය.
රටේ භූමිය හා රාජ්‍ය සම්පත කාගේවත් දේපලක් නොවන බවත් තම පාලනයක් යටතේ වෙන්දේසි ලන්තයක් වී ඇති රට ඉන් මුදවාගෙන පාඩු ලබන ආයතන තවත් ලාභ ලබන ආයතන බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ බලයක් නොමැතිව වැඩක් කළේ සමගි ජන බලවේගය බැවින් සමගි ජන බලවේග රජයක් තුළ මීටත් වඩා වැඩි කොටසක් ඉටු කරන බවත් ඔහු සඳහන් කළේය.
සක්වල හා හුස්ම ජනාධිපතිවරණය නිසා තහනම් කළත් බදු ගෙවන්නන්ගේ මුදල් උපයෝගී කර ගෙන ජනාධිපතිවරයා විවෘත කරන ව්‍යාපෘති තහනම් නොමැති බවත් ප්‍රේමදාස මහතා කීවේය.
මැතිඇමතිකම් රෝසමල් යහනා නොවන බවත් රාජය පාලනය යනු සෞභාග්‍යය සම්පන්න ජීවිත ගත කිරිම නොව ජනතාව වෙනුවෙන් දූෂ්කර ක්‍රියා කිරීම බවත් ඔහු සඳහන් කළේය.
කුඩා කාලයකින් සමාජයේ ජනප්‍රියත්වයට පත් වූ සමගි ජන බලවේගය ඉදිරි අනාගතයේ දී පොදුජන යුගයක් බිහි කරන බවත විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතැන සුජීව සේනසිංහ ඉන්නවාද බලන්න...? ගිනිගත් නැවේ වන්දිය අවුල් කරපු නාලක ගොඩහේවා ඉන්නවාද බලන්න. උසාවියෙන් ඇඟ බැඳපු හිරුනිකා ඉන්නවාද බලන්න. හෙට අනිද්දා පොහොට්ටුවේ හොරෙක් අත හෝදගෙන ආවොත් බාර ගන්නේ නැද්ද කියන්න...!
බොහොම හොඳයි, ඉස්සෙල්ලාම හොර සල්ලි අච්චු ගහපු අය, හන්තානේ රජයේ ඉඩම් මංකොල්ලකාපු අය, මධ්‍යම අධිවේගයෙන් හොරා කාපු අයව බෙල්ලෙන් අල්ලලා එළියට අරන් ඉන්නකෝ...!
මෛත්‍රී මතක් වෙනවා...
එතකොට අර සල්ලි කේස් එක ගැනත් පරීක්ෂණ කරනවද?
ඉතාම අගය කළයුතු මෙහෙවරක්. එතකොට හොර සල්ලි අච්චු ගහපු අය, ඒ වගේම නිධන් හාරපු අය, ආ… සංස්කෘතික අරමුදල් ගසා කාපු අයටත්, ඒ ගොල්ලන්ගේ කනින් අල්ලාගෙන එළියට යන්න කිව්වොත් මරේ මරු...!
යාල කැළේ නිධන් හාරපු අය, මධ්‍යම සන්ස්කෘතික අරමුදලෙන් වන්චා කරපු අය, හොර සල්ලි අච්චු ගහපු අය ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
පසුගිය කාල සීමාව තුළ පැවැති මෙයා ඉදිරිපත්වෙලා පැරදුණු සෑම මැතිවරණයක්ම බැලුවොත් මැතිවරණය ලං වෙද්දී මෙන්න මේ වගේ කතා මෙයාගේ කටින් එළියට එන්නේ මෙයාගේ සැබෑ ස්වරූපය මේකයි කියලා පෙන්නාගෙන. තාමත් තාත්තාට හේත්තු නොවි නැගිට ගන්න බැරි පුතා. හිතන්නේ දිනයි කියලාද? ඉතිරි දවස් තව රසව්ත් මෙයා හින්දා...!
ඉස්සෙල්ලාම අල්ලගන්න වෙන්නේ තමන්ගේම බෙල්ල තමයි.
හොරෙක් ඔය පැත්තට පැන්නා දැක්කා.. තදින් සිනා
කරුණාකරලා කියන්න මහා බැංකු හොරකම අල්ලනවාද නැද්ද කියලා. අල්ලනවා නම් ඔබේ පැත්තේ ඉන්න මහා බැංකු සිද්ධිය හොරකමක් නොවෙයි කියලා පොතක් එහෙමත් පල කරපු කෙනෙක් ඉන්නවනේ සෙනසිංහ කියලා. එයා ගැන මොකද කියන්නේ...? ඒ පොත හෙට අනිද්දාට සමාජ ජාල ඔස්සේ ශෙයා වෙනකොට ඔබට මොනවාද කියන්න තියෙන්නේ. මොකද හොරු අල්ලනවා කියලා මහා හඩ නගලා කියනවානම් වැඩේ වෙනවා නම් මේ වගේ දෙගිඩියාවල් තියෙන්න බැහැ. ඒවා ඉස්සෙල්ල විසඳලා ඉන්න ඕනෑ...!
දැන් කාලයේ ශිෂ්‍යත්ව විභාගය අරමුණ කරගෙන අධ්‍යාපනය දෙන නිසා අතීතයේ තිබුණු ආකාරයට කොපි ලිවීම (ඩබල් රූල් පොත කියපු පොතක) කලේ ගුරුතුමිය මුලින්ම ලියූ වාක්‍යයක් බලාගෙන. ඉතින් දවසක් අපිට ලියන්න ලැබුණා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා වාක්‍යයක්. ඉතින් බොහෝම කාලෙකට ඉස්සර කියපු දෙයක් වුණත් ඒ අදහස තවමත් හිතේ පතුලේම තිබිලා මතුවුණා...
බෙල්ලෙන් අල්ලා එළියට ගන්නවා කියන වචන වලින් නම් හිතෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නතර කරන්න හදනවා කියලා. ඇත්තටම හිතුනේ ලාල්කාන්ත කියන දෙයක්ද කියලා. අනිත් එක උරුමය වගේ ආණ්ඩුවේ වැඩක් නතර කරන්න කිව්වා කියලා පහුගිය දවස්වල තිබුණා. ඉතින් ඒවා ගැන හොයලා බලන්නේ නැතුව වැරැදි ප්‍රකාශ කරන එකත් හරි නෑ නේද?
අනේ පව්..! අර නිවාස අධිකාරියේදී හොරාකාපු අයගෙත්, සංස්කෘතික අරමුදලේ හොරාකාපු අයගෙත් බෙල්ලෙන් අල්ලන කන් තමයි මහජනතාව බලා සිටින්නේ...!
එතකොට අර 90 දශකයේ නිධන් හාරපු සහ හොර සල්ලි අච්චු ගහපු අය..!.
එතකොට අර අක්කාගේ හොර සල්ලි….?
එහෙම නම් මුලින්ම කරන්න ඕනෑ එයාගේ අප්පා ඇතුළු ප්‍රේමදාස පවුල හොරකම් කරපුවා ගන්න එක...!
වැඩක් නෑ මහත්තයෝ ඕවා කරන්නේ නෑ. ඔයාලා වුණත් තාත්තාගේ කාලේ දුප්පත්නේ දැන් කෝටිපතියෝ.. මේ සැරේ රැවටෙන්නේ නෑ... ඔය පක්ෂ දෙකම පරාද කරලා එන්පිපී එක ගෙනාවා මේ සැරේ
2015 - 2019 කාලයේ දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11 ක් අවභාවිත කළ එකාවත් බෙල්ලන් අල්ලලා එළියට ගන්නවද කියල හිටහන් කෝ මුලින්ම ?
ඉතිං ඔය තියන අතින් තමන්ගේ බෙල්ලෙන්ම අල්ලගෙන එළියට දාන්නකෝ ඉවරයිනේ..
එහෙනම් ඔබේ පක්ෂයේ දැනට ඉන්න හොරුන්ට මොකද කරන්නේ...? සුජීව සේනසිංහ, හර්ෂ, අජිත් මහ බැංකු හොරකමට පොත් ලිව්වා මතක නැද්ද? කිරිඇල්ල හන්තානේ අක්කර ගාණක් දුවට දුන්නු හැටි දන්නේ නැද්ද? කබීර් මහනුවර රජයේ ඉඩම් අක්කර 10ක් පුතාට අරන් දුන්නු හැටි දන්නේ නැද්ද?
නිධන් හාරපුව දීල හිටියනම්..!
අක්කද, නංගි ද හොර සල්ලි අච්චු ගහපුවත් අල්ලනවද
බෙල්ලෙන් අල්ලන්නේ දේපලවලද?
රට විනාශ කරන්න පෙර යහපාලනෙ බලයට ගේන්නත් කිව්වේ ඔය බොරුවම නේද?
ඕනෑම පක්ෂයක, ඕනෑම දූෂිතයෙක් මගේ ගොඩ වැඩි කරන්ඩ පුළුවන් නම් එන්ඩ එන්න. පුතානෝ පොහොට්ටුවේ එවුන් කිට්ටු කරගන්නවා. අපි හිතුවා සජබේ හොරු අල්ලයි කියලා.
ඕනෑම පක්ෂයක, ඕනෑම දූෂිතයෙක් මගේ ගොඩ වැඩි කරන්ඩ පුළුවන් නම් එන්ඩ එන්න. පුතානෝ පොහොට්ටුවේ එවුන් කිට්ටු කරගන්නවා. අපි හිතුවා සජබේ හොරු අල්ලයි කියලා.
ඕනෑම පක්ෂයක, ඕනෑම දූෂිතයෙක් මගේ ගොඩ වැඩි කරන්ඩ පුළුවන් නම් එන්ඩ එන්න. පුතානෝ පොහොට්ටුවේ එවුන් කිට්ටු කරගන්නවා. අපි හිතුවා සජබේ හොරු අල්ලයි කියලා. දැන් හොරු එකතු වෙලා සජබේ අල්ලනවා.