IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


හයිවේ නීතියක් දැඩි කරයි

(අංජුල මහික වීරරත්න)

අධිවේගී මාර්ග වල ධාවනය කරනු ලබන වාහන වල ගමන් ගන්නා මගීන් විසින් ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් මෝටර් වාහන පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අධිවේගී මාර්ග වල සිදු වන රථ වාහන අනතුරු දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මරණ සහ බරපතල තුවාල සිදුවීම අවම කිරීම පිණිස අංක 2455/29 2025-09-25 දිනැති අති විශේෂ ගැසට්‌ නිවේදනය මඟින් (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධි විධාන යටතේ සාදන ලද 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරනු ලැබ ඇත. එමඟින්, අධිවේගී මාර්ග වල ධාවනය කරනු ලබන වාහන වල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබේ. 

ඒ අනුව, එකී සංශෝධිත නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

හයිවේ නීතියක් දැඩි කරයි

de silva berlin Tuesday, 28 October 2025 03:12 PM

අසන පටි පමණක් බැලුවට මදි , කරුණාකර සිවිල් පොලිස් වාහන යොදවා අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් නිසිලෙස තමන්ගේ මන්තිරුවේ ධාවය කරනවද ? මන් තීරු මාරු කරන අවස්ථාවලදී සිග්නල් ලයිට් නිසි වෙලාවට දමනවද ? මං තීරු මාරු කරනකොට පසුපසින් එන වාහනවල ධාවනයට බාදා වෙන ලෙස එම ක්‍රියාවලිය සිදු කරනවා ද යන්න සොයා බලන්න. අනතුරු බොහෝමයකට මුල තමන්ගේ මන්තිරුවේ නිසිලෙස ධාවනය නොකිරීම.

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1573 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site