(සනත් ගමගේ)

හම්බන්තොට ජාත්‍යන්තර වරාය දෙවන පිවිසුම් දොරටුව ඉදිරිපිට අද අලුයම ලංගම බස් රථයක් සහ බැකෝ යන්ත්‍රයක් ගැටීමෙන්  බස් රථයේ ගමන් ගත් තිදෙනකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව හම්බන්තොට වරාය පොලිසිය කියයි.

ශ්‍රි ලංගම බස් රථයේ කොන්දොස්තර සහ තවත් මගීන් දෙදෙනකු මෙලෙස තුවාල ලබා ඇත. බස් රථයට දැඩි හානි සිදුව තිබේ.

අම්බලන්තොට ඩිපෝවට අයත් බස් රථය හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ අතර ලෝඩර් යන්ත්‍රය වරාය පිවිසුමෙන් වරාය ඇතුළට ගමන් කිරීම වැරදි දිසාවෙන් සිදු කළ ඇති බව පරීක්‍ෂණපවත්වන වරාය පොලිසිය කියයි.

බස් රථයේ රියදුරු සහ ලෝඩර් යන්ත්‍රයේ රියදුරු වරායේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.