IMG-LOGO

හම්බන්තොට වරායෙන් සිමෙන්ති සමාගම් දෙකකට සේවා

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), නව වසර ශුභවාදීව ආරම්භ කරමින්,  සිමෙන්ති නිෂ්පාදක ආයතන වන ලංවා සංස්ථා සිමෙන්ති කෝපරේෂන් (පුද්) සමාගම සහ ඉන්සී සිමෙන්ති සමාගම සඳහා අමුද්‍රව්‍ය භාණ්ඩ නෞකා 6ක ගොඩබෑම් පසුගියදා නිම කළේය.

 මෙම සමාගම් ඔවුන්ගේ සැපයුම් දාම කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණෙන් 2021 අග භාගයේදී (HIP) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුම්වලට එළැඹියේය. ඒ අනුව, නිෂ්පාදකයන් දෙදෙනා සඳහා සිමෙන්ති අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 265,163.34 ක පූර්ණ පරිමාවක් මේ වසර ජනවාරි මස අග වන විට වරාය විසින් හසුරුවනු ලැබ ඇත.

ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව, ප්‍රථමයෙන් ලංවා සංස්ථා සිමෙන්ති සමාගම සඳහා ක්ලින්කර්, ජිප්සම් සහ ස්ලැග් යන අමුද්‍රව්‍ය රැගෙන පැමිණියේය. ටැං බිං 245 (Tang Binh 245), යුනිටි (unity) සහ ඩුබායි ක්‍රවුන් (dubai crown) යන නෞකා පැමිණියේය. HIP සමඟ එළැඹි ගිවිසුමට අනුව, ලංවා සංස්ථා සිමෙන්ති සමාගම සඳහා භාණ්ඩ ගොඩබෑමේ දොඹකර දෙකක් ලබා දී ඇති අතර, වාහක පටියක්ද වරාය පරිශ්‍රය තුළ ඉදි වෙමින් පවතී. එමගින් මිරිජ්ජවිල ආයෝජන කලාපයේ පිහිටි ඔවුන්ගේ නිෂ්පාදන කම්හලට, අමුද්‍රව්‍ය තොග සෘජුවම සපයනු ඇත.

“ප්‍රධාන සිමෙන්ති නිෂ්පාදකයන් දෙදෙනකු වන ඉන්සී සහ ලංවා සමාගම් දැන් (HIP) සමඟ කටයුතු කරනවා. බහුකාර්ය වරායක් ලෙස සංවර්ධනය වෙමින් අදාළ සේවා සපයන අතරම, යාබද ප්‍රදේශයන්හි ව්‍යාපාරයන්ට අතහිත දෙමින් ඒවායේ වර්ධනය තකා කටයුතු කිරීම අපගේ අරමුණ යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා සඳහන් කරයි.      

ඉන්සී සිමෙන්ති සමාගම සඳහාද ක්ලින්කර් සහ ස්ලැග් අමුද්‍රව්‍ය භාණ්ඩ තොග 3 ක් ජනවාරි මාසයේදී හම්බන්තොට වරාය විසින් හසුරුවන ලදි. පසුගිය වසරේ ඉන්සි  සඳහා මෙට්‍රික් ටොන් මිලියන 1 කට වැඩි පරිමාවක් හැසිරවීමට වරායට හැකිවී තිබේ.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

හම්බන්තොට වරායෙන් සිමෙන්ති සමාගම් දෙකකට සේවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site