
සමූද්‍රීය ගෑස් ඉන්ධන (MGO) මෙට්‍රික් ටොන් 15,000ක් රැගත් ඉන්ධන නෞකාව වන ‘සනී බේ’ පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) සේන්දු විය. මෙය, වරායේ ඉන්ධන ගබඩා පර්යන්තයේ ගබඩා කිරීම සඳහා MGO රැගෙන ආ පළමු නෞකාව වේ.
HIP තම ගෝලීය හවුල්කරු සයිනොපෙක් සමාගම සමඟ, අවම සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල් (VLSFO) තොග වශයෙන් සැපයීමේ මෙහෙයුම පසුගිය වසරේ ආරම්භ කළේය. ඉන්ධන ගබඩා පර්යන්තය සමඟ එහි තෙල් ජැටි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර, ලෝක ප්‍රකට ලොයිඩ්ස් රෙජිස්ටර් සමාගම විසින් FSS සුරක්ෂිත සහතිකය ද (Fitness for Service - සේවා සැපයීමට යෝග්‍යතාව) හිමි කර ගැනීමෙන් අනතුරුව, හම්බන්තොට වරාය දැන් MGO සහ මැරීන් ඩීසල් තෙල් (MGO) සැපයීමට සුදානම්ව සිටී. මෙම MGO සේවා ආරම්භයත් සමඟ, හම්බන්තොට ජාත්‍යන්තර වරාය, පාරිභෝගිකයන්ගේ සියලු ඉන්ධන අවශ්‍යතා සපුරාලමින් කලාපයේ ප්‍රමුඛ ඉන්ධන තොග සැපයුම්කරුවකු ලෙස ස්ථානගත වනු ඇත.
හම්බන්තොට වරාය, ජාත්‍යන්තර ප්‍රමිතීන්, මිණුම් දණ්ඩක් කරගනිමින්, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ අති නවීන ඛනිජ තෙල් පරීක්ෂණ රසායනාගාරයක් ද පිහිටුවා ඇත. ප්‍රමුඛ පෙළේ ගෝලීය පරීක්ෂණ සේවා සපයන්නකු වන ඉන්ටර්ටෙක් ලංකා පෞද්ගලික සමාගම සමඟ එක්ව පිහිටුවා ඇති රසායනාගාරය තුළින් නාවික ඉන්ධන, LPG ගෑස්, LNG ගෑස් සහ අනෙකුත් ඛනිජ රසායනික නිෂ්පාදන, සහතික කිරීම සහ පරීක්ෂා කිරීම ආදී සේවා සපයනු ඇත. වරාය පරිශ්‍රය තුළ පිහිටා ඇති රසායනාගාරය IMO 2020 හෙවත් ගෝලීය සල්ෆර් රෙගුලාසිය පරීක්ෂා කිරීමේ හැකියාව ඇති ජාත්‍යන්තර ලෙස වර්ගීකරණය වූවකි.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ පවසන්නේ, ලොයිඩ්ස් රෙජිස්ටර් සමාගම මඟින් සහතික ලත් ඉන්ධන ගබඩා පර්යන්තය මෙන්ම, නවීනතම රසායනාගාර පහසුකම් වලින් ද සමන්විත හෙයින් HIP හට සේවාලාභීන්ට, විශාල වටිනාකමක් ලබාදීමට හැකි වන බවයි. “ලෝකයේ නාවික ඉන්ධන වලින් සියයට 50 ක වෙළඳාම් සිදු වන ඉන්දියානු සාගරයේ, උපායමාර්ගික ස්ථානයක පිහිටා ඇති හම්බන්තොට වරාය, ඉන්ධන සැපයීම, LPG සහ අනාගත LNG මෙහෙයුම්, ආදී සියලු සේවා සඳහා ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස නිසි තැන ගැනීමට සුදානම්ව සිටී.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරි මට කියනවද ඕකෙන් අපේ රටට ඇති වැඩේ මොකක්ද කියලා..?
නම අපේ,බිසනස් එක එයාලගේ .ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ ඕකට තමයි
පෝට් සිටියෙත්ත් වෙන්නේ ඔය දේමයි. ඔක්කොම ප්‍රතිලාභ චීනෙට. අපිට හුළං.
මම ආයෙත් අහනවා මේ ලිපිය ලිව්ව කෙනාට හරි කියන්න මේ වරායෙන් අපේ රටට ඩොලර් ලැබෙනවාද කියල
ඕක දැං චීනයේ නේද? දන්නා එකෙක් කියනවද ඔය දේවල් වලින් අපට ලැබෙනේ මොනවද කියලා. ඔය තරම් වටිනා සම්පතක් තමයි තුට්ටු දෙකට විකුණලා දැම්මේ
ඔය වවගේ ව්‍යාපෘති කීයක් ලංකාවට ආවද? කෝ අපේ රට දියුණු උනාද?