IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් දක්නට තිබෙන බව එම වරාය වාර්තා කරයි.

මෙයට ප්‍රධාන හේතුව HIPහි නෞකා සඳහා තෙල් සැපයුම් හවුල්කරු සිනොපෙක් (Sinopec)සමාගම වෙළඳපොළේ සක්‍රියව ක්‍රියාකාරී වෙමින් වරායේ වාණිජ මෙහෙයුම් අංශයට සැලකිය යුතු අමතර අගයක් එක් කිරීමය.

HIP විසින් 2023 වසරේ හසුරුවන ලද සමස්ත තෙල් හා ගෑස් මෙහෙයුම් ගණන මෙට්‍රික් ටොන් 918,000 කි. ඒ, නෞකා සඳහා තෙල් සැපයුම් මෙට්‍රික් ටොන් 700,000 කුත්. LPGමෙට්‍රික් ටොන් 218ල000ක එකතුවෙනි.

වරායේ බලශක්ති සේවා අංශය එහි වර්ධනයට ඉතා වැදගත් අංගයක් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG)  ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසයි,  අප බලශක්ති අංශය සක්‍රීය ලෙස ප්‍රවර්ධනය කරන අතර මෙම වසර තුළ 2023 දී හැසිරවූ ධාරිතාව දෙගුණ කිරීමට බලාපොරොත්තු වනවා. සිනොපෙක් හා හවුල් වීමත් සමග, ඉහළම සෞඛ්‍ය සහ ආරක්ෂාවට අනුගත වෙමින්, ඉන්දියන් සාගරයේ බංකර් සැපයුම්වලට නවතම මුහුණුවරක් ගෙන ඒම අපගේ අපේක්ෂාවයි.

2023 ජූලි මස තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 35ක් වරායට පැමිණීමත් සමඟ එය වසර තුළ වැඩිම නෞකා  සංඛ්‍යාවක් පැමිණි මාසය බවට පත් විය. 2023 දී හැසිරවූ ප්‍රමාණයට අනුවල 2022 ට සාපේක්ෂව නෞකා තෙල් සැපයුම් සියයට 250 ක සහ LPG හි සියයට 147 ක වැඩිවීමත් සමඟ සියයට 218 ක සමස්ත වර්ධනයක් වරාය ලබා ඇත.

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ක්‍රියාශ්‍රීලී කණ්ඩායම බාධාවෙන් තොර උසස් තත්වයේ සේවා සපයන බව ලංකා ෂිපින්ග් ඇන්ඩ් ලොජිස්ටික් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ විධායක අධ්‍යක්ෂ ට්‍රිලාන් පෙරේරා මහතා පවසයි.

-595



අදහස් (0)

හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site