( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )
හංවැල්ල තුන්මෝදර කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිළ ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් ඝාතනයකොට පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හංවැල්ල පොලිසිය පවසයි.
ඒ අතර ආරණ්‍ය සේනාසනයේ වැඩවසන සාමනේර හිමිනමගේ මාපියන් ද ඇතුළත් බව පොලිසිය කියයි .
සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර පොලිස් නිලධාරිනියකගේ සැමියකු පිළිබඳවද විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
ඒ අතර සැකකරුවන් පැමිණි වෑන් රථය ද හඳුනාගෙන ඇති බව කියයි.
ඉකුත් 2දා කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයට පැමිණි සැකකරුවන් එහි සිටි දණගස්වා තර්ජනය කොට 65 හැවිරිදි ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් තිබුණි .
සිද්ධියෙන් අනතුරුව සිදු කළ විමර්ශනයකදී පැහැර ගත් ස්වාමීන් වහන්සේ බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් කොටදෙනියාව නාවාන පොදු සුසාන භූමියේ තිබී (04) දා සොයාගත් බව කියයි .
එම මළ සිරුර පුළුස්සා දමා ඇති අතර එය වලදැමීම සදහා සුසාන භූමියේම කුඩා වලක් ද කපා තිබූ බව පොලිසිය කියයි.
පැහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේතුව තමයි කලකට පෙර රන්ජන් කිව්වේ...
තවම හොයාගන්න බැරි වෙලා තියෙන්නේ ඔහේලට පමණි.
බෝර දමා කැඩිය යුතු ගල් වෙනත් විදිහට කැඩීමට යාමේ ඵල විපාක තමයි මේ සිදුවෙලා තියෙන්නේ. ඔන්න ඕකයි තත්වේ...
පසුගිය රජයේ අගමැති සහ ඇමැති කණ්ඩායමක නීතිගත කිරීමට ගිය එක්තරා දෙයක් වළකාලීම මෙම මරණයට හේතුවක් කියලත් කියනවා...
වෙහෙර විහාරස්ථානවල සිදුවන ඇතැම් දේවල් වෙන කිසිම තැනක සිද්ද වෙන්නේ නැහැ. අනිත් නායකයින්ටත්, පණ්ඩිතයින්ටත් මේක හොඳ පාඩමක් වේවා...!!!
රන්ජා කිව්වේ මෙව්වා තමා... වෙලා තියෙන දේ හැටියට " හිමිනම" කියලා කියන්න බෑ. අද බොහෝ පන්සල්වල එක් හාමුදුරු කෙනෙක් යටතේ ඉන්නෙ සාමනේර උන්නාන්සේලා පමණයි. ඒකාධිකාරය වෙනුවෙන් හෝ වෙනත් හේතු නිසා වෙන උපසම්පදා ස්වාමීන්වහන්සේලා තියාගන්නේ නෑ. ඒ නිසා ඒ කුඩා සාමනේරයන් වහන්සේලා අවදානම්...
පොඩි ළමයි පන්සල්වල තනි කරන්න එපා. මහණ වෙන්න ඕනේ නම් පවුල පිටින්ම මහණ වෙන්න.. නැත්නම් ගෙදර ඉඳන් ගිහි පින්දහම් පුරන්න. අද බහුතරයක් පන්සල්වල පොඩි සාමනෙර උන්නාන්සේලාට සිදුවන දෙවල් කවුරුත් දන්නවා. එන්ගලන්තයේ බර්මින්හැම් වලත් මෙසේමයි.
සාමනේර නමගේ දෙමාපියන් ඉන්නවා කියන්නේ හරිම තමයි. ශාසනේට ආදරේ සහ ගරුකරන මහනායකලා ඉන්නවා නම් වහාම සංඝ කතිකාවතක් කරලා ශාසනයට ඇතුලුවිය හැකි අවම වයසක් නියම කරන්න. කුඩා දරුවන්ගේ නොතේරුම්කමින් ගනින්නාන්සේලා අයුතු ප්‍රයෝජන ගන්නවා.
කොයි ලොව යන්නේ මරණින් පස්සේ.. පින් පව් එනවා අපි පසු පස්සේ..
මේකේ ලියලා තියෙන බහුතරය රහස් පරීක්ෂකයෝද මන්දා.
පිරිවෙන් හා ආරම තුළ මෙවැනි සිද්ධීන් විටින්විට වාර්තා වෙනවා. සමාජයෙන් හා පොලීසිවල මැදිහත් වීමෙන් ප්‍රශ්න ගොඩින් බේරා ගන්නවා. නමුත් උත්තරය ඒක නොවෙයි. මේවාට පෙරමුණ ගත්තේ මහානායක හිමිවරුන් හා රජය. මේ එම ප්‍රශ්නය දුරදිග ගිය අවස්ථාවක්. රන්ජා ඔබ හරි.
සිංහල බෞද්ධ රටට ගිය කලක්... ජයවේවා සිංහල ...
මේවා සෑහෙන කාලයක පටන් සිදු වෙනවා. පිළියමක් ලැබෙන්නේ කවදාද?
සිංහල කතාකරන සොළී, පාණ්ඩ්‍ය, නාඩු, කේරළ, තෙළඟු, බංගලි ආක්‍රමණිකයින් පිරිසක් හැර රාවණා පරපුරේ සිංහලයින් මේ බිමේ නැහැ.