
(නිමන්ති රණසිංහ)
විදේශීය රටක නිශ්පාදිත මයික්‍රෝ වර්ගයේ ගිණි අවියක්, පතුරම් ගැබක් සහ ගිණි අවියට යොදන උන්ඩයක් සන්තකයේ තබා ගෙන සිටි බව කියන යුධ හමුදා විශේෂ බලකායෙන් පලාගිය සෙබළකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (10) ගම්පහ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරු ගම්පහ ප්‍රදේශයේ නමගිය පාතාල කල්ලි සාමාජිකයකු වූ ‘පස්පොඩ්ඩා’ ගේ ගෝලයකු බව ද පොලිසීය පවසයි.
මෙම සැකකරු ‘කමාන්ඩෝ උපුල්’ යන අනුවර්ථ නාමයෙන් හඳුන්වන වයස අවරුදු 44 ක පුද්ගලයකු වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරුකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුගේ නිවසේ අල්මාරියක් තුළ ඉතා සූක්ෂම ලෙසින් සගවා තිබූ මෙම ගිනි අවිය අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ගිනි අවිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දී ඇතැයි පොලීසිය සදහන් කරයි.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාගර කුලසේකර මහතාගේ උපදෙස් මත මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් මෙම මෙහෙයුම සිදුකරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd