
(උපුල් හේරත්)
අනුරාධපුර ජාතික විල්පත්තු රක්ෂිතයට යාබදව පිහිටි විහාරස්ථානයක වැඩ සිටින හිමිනමක් දන් වැළඳු අයුරු දුටු දකුණේ කලාකරුවකු දැඩි සේ කම්පාවට පත්ව භික්ෂුන් වහන්සේලාට දානයත් ගම්වැසියන් 2000 වේල් දෙකක් ආහාර ලබාදීමට කටයුතු කළේය.
මිහිගහතැන්නේ පදංචි ඒ.කේ.ජේ.ඉන්දික මහතා හිතවතුන්ගේ ද සහායෙන් මෙම අහඹු පිංකම සිදු කළේය. ගම්මාන හයක සිටින පිරිස සාලිය අශෝකමාලාවනාරාමයේ දී මෙම පිංකම සිදු කළේය.
මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වන ඉන්දික මහතා මෙසේ කීය
ජ්‍යෙෂ්ඨ කලාකරුවකු වන දිමුතු චින්තක දේවප්‍රිය මහතා මාගේ හිතවතෙක්. ඔහු සාලිය අශෝක මාලා විද්‍යාලයේ ගුරුවරයෙක් . මම දීර්ඝ කාලයක සිට අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් පරිත්‍යාග රැසක් සිදුකර තිබෙනවා. ඒ අනුව මම යෝජනා කළා චින්තක මහත්මයාට,ඔබේ පාසලේ ඉන්න ළමයිට මට යම් උදව්වක් කළ හැකියි කියලා.
එවිට චින්තක මහතා කියා සිටියේ මේ පාසලේ ඉන්නේ ළමයි 280 ක් පමණයි ,නමුත් ගම්මානවල වැසියෝ දරුවන් වෙනුවෙන් අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. ගමේ පන්සලේ හාමුදුරුවරුන්ටත් එහෙමමයි . අපිට එවැනි දෙයක් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් විශාල කුසල කර්මයක් කියා මට චින්තක මහතා කියා සිටියා.
ඒ අනුව මම ඉකුත් දවසක විහාරස්ථානයේ කුසලධම්ම හාමුදුරුවෝ හමුවන්න ආවා . උන්වහන්සේ දවල්ට දානෙට ගත් එක මැල්ලුමකූත්,හොද්දකූත් පමනයි..ඒ වෙලාවේ මම අතිශයින්ම කම්පාවට පත් වුණා .ඉන් පසු මගේ මිතුරු කණ්ඩායමත් සමඟ එකතු වී සාකච්ඡා කරලා 2000 කට අධික පිරිසකට දිවා හා රාත්‍රී ආහාර වේල් දෙක ලබාදීමටත් ,මහා සංඝ රත්නය වෙනුවෙන් සාංඝික දානයක් පූජා කිරීමටත් මා කටයුතු කළා .ඉදිරියේ දීත් මේ ප්‍රදේශයේ මෙයිට වඩා හොදට පරිත්‍යාග රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා .විහාරාධිපති හිමියන්ට දානෙට ආරාධනා කළ විට අපිට කීවේ ,අපිටත් වඩා මේ ගමේ විශාල පිරිසක් ආහාර අගහිගකමින් දුක් විඳිනවා. ඒ වෙනුවෙන් යමක් කරන්නැයි හාමුදුරුවෝ ඉල්ලා සිටියා. .විහාරාධිපති හිමියන්ටත් ,ජ්‍යෙෂ්ඨ කලාවේදී චින්තක මහතාටත් මෙහිදී මම ස්තුතිය පුද කරනවා ,යනුවෙන් ඔහු ප්‍රකාශ කළේ ය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා කළ දෙයක් මෙන් මේ මහා පුන්‍යකර්මය අනුමෝදන් වෙමි.
මේ මිනිස්සු දකිද්දි දුකයි වගේම කෙන්තියි. මහ උන් මාරුවෙන් මාරුවට රටේ දේපල සහ මේ මිනිස්සුන්ගෙ බත්පතෙනුත් හොරා කනවා. හැබැයි මේ මිනිස්සුම මාරුවෙන් මාරුවට උඋන්ට බලය දෙනව .
තියන තැන් වලට තව තවත් ගොඩ ගහන යුගයක අති දුර්ලභ මෙවන් සත්ක්‍රියා අසා සතුටුවීමට ඇගයීමට ලැබීම මහත් කුසලයක්.
ඉතාම යහපත් දෙයක්. උසස් කුසල කර්මයක්. ඒ ගම්මාන වල උදවියට තමාගේම දිරියෙන් නැගීසිටින්නට හැකි වැඩපිළිවෙලක් සකසන්නේ නම් වඩ වඩාත් යහපත්..
මේ ආත්මයටත් මතු ආත්මවලටත් යහපය්හක්ම වේවා තෙරුවන් සරණයි ❤
ඇත්තටම හදවතට දැඩි සතුටක් දැනුනා මේ වැනි අය වත්මනේ රටට දහස් ගණනින් අවශ්‍ය වෙනවා ඒත් සමහරක් මෙහෙම කරන්න පුළුවන් මිනිස්සු පවා අස්වැසුම අයදුම්කර ලබාගන්නා රටක් කොහොම හදන්නද මේ මහතාටත් එතුමා දිරිගැන්වීම කල මහතාටත් තව තවත් මෙහෙම කටයුතු කිරීමට ශක්තිය හා දිරිමත් බව ලැබී නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවායි පතමු
මේ පළාතේ දේශ පලකයෝ අඳ ගොළු බිහිරි පුද්
අපේ ගමේ සමහරු පිල් බෙදිලා තරඟෙට පොසොන් දන්සැල් දෙද්දී ඔබලා කල මේ ආදර්ශමත් ක්‍රියාව ඉහලින්ම අගය කරමි. මෙහිදී ඇත්තටම අදාල සහනය ලැබිය යුතු පිරිස අතටම ලැබී ඇත. දන් සල් නරක නැත එහෙත් ඒවා ගැලපෙන්නේ අද සමාජයට නොව මිට දශක 4 කට 5 කට ඉහත පැවති සමාජයටය . අද සමාජයේ ඒවාන් වැඩි වශයෙන් සිදුවෙන්නේ සංවිධානය කරන පිරිස් ආතල් ගැනීම හා තමන්ට ඕන හැටියේ කෑම ගැනීමට මුදල් ඇති පිරිස්ද දන්සලෙන් ක අතල් ගැනීමය .
මේ හිඟන තත්වයට සමාජය පත්වෙලා තියෙන්නේ රටේ බහුතරයක් තමන්ගේ වටිනා ඡන්ද අමනෝඥ ලෙස නුසුදුසු අපතයින්ට දීපු නිසා...
මෙවන් මිනිසුන් රටට වාසනාවක්! බොරැ කයිනාරැකාරයින්ට ප්‍රායෝගික අභියෝගයක්! තෙරැවන් සරණයි!
මේ ක්‍රියාවලිය සාධාරණ නෑ. තව තවත් නිකමුන් පෝෂණය... කීප දෙනෙක් තෝරාගෙන ආදායම් මාර්ගයක් නිර්මාණය කර දෙන්න ...වඩා යහපත්...
කුසගින්න නිවන තරම් ලොකු පිනක් ලෝකේ කොහෙවත් නැහැ .මෙවැනි පුණ්‍ය කටයුතු තව තවත් කිරීමට ඔබතුමාට නිරෝගී සුවය .දයිර්ය සහ ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි
බොහෝම පින්...
ගොඩාක් පින් සිද්ද වෙනව මහත්තයෝ...!
ඔයාලා හැමෝටම බොහොම පින්. ඉදිරියටත් මෙවන් කටයුතු කරගෙන යෑමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. ජයෙන් ජයම වේවා. භයංකර දුක්ඛිත මේ සසරෙන් මිදීමට මේ පින් හේතු වාසනා වේවා