IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හාමුදුරුවන්ගේ දන් වේල දැක කම්පා වී ගමටම දන් කදක් දෙයි

(උපුල් හේරත්)

අනුරාධපුර ජාතික විල්පත්තු රක්ෂිතයට යාබදව පිහිටි විහාරස්ථානයක වැඩ සිටින හිමිනමක් දන් වැළඳු අයුරු දුටු දකුණේ කලාකරුවකු දැඩි සේ කම්පාවට පත්ව භික්ෂුන් වහන්සේලාට දානයත් ගම්වැසියන් 2000 වේල් දෙකක් ආහාර ලබාදීමට කටයුතු කළේය.

මිහිගහතැන්නේ පදංචි ඒ.කේ.ජේ.ඉන්දික මහතා හිතවතුන්ගේ ද සහායෙන් මෙම අහඹු පිංකම සිදු කළේය. ගම්මාන හයක සිටින පිරිස සාලිය අශෝකමාලාවනාරාමයේ දී මෙම පිංකම සිදු කළේය. 

මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වන ඉන්දික මහතා මෙසේ කීය

ජ්‍යෙෂ්ඨ කලාකරුවකු වන දිමුතු චින්තක දේවප්‍රිය මහතා මාගේ හිතවතෙක්. ඔහු සාලිය අශෝක මාලා විද්‍යාලයේ ගුරුවරයෙක් . මම දීර්ඝ කාලයක සිට අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් පරිත්‍යාග රැසක් සිදුකර තිබෙනවා. ඒ අනුව මම යෝජනා කළා චින්තක මහත්මයාට,ඔබේ පාසලේ ඉන්න ළමයිට මට යම් උදව්වක් කළ හැකියි කියලා.

එවිට චින්තක මහතා කියා සිටියේ මේ පාසලේ ඉන්නේ ළමයි 280 ක් පමණයි ,නමුත් ගම්මානවල වැසියෝ දරුවන් වෙනුවෙන් අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. ගමේ පන්සලේ හාමුදුරුවරුන්ටත් එහෙමමයි . අපිට එවැනි දෙයක් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් විශාල කුසල කර්මයක් කියා මට චින්තක මහතා කියා සිටියා.

ඒ අනුව මම ඉකුත් දවසක විහාරස්ථානයේ කුසලධම්ම හාමුදුරුවෝ හමුවන්න ආවා . උන්වහන්සේ දවල්ට දානෙට ගත් එක මැල්ලුමකූත්,හොද්දකූත් පමනයි..ඒ වෙලාවේ මම අතිශයින්ම කම්පාවට පත් වුණා .ඉන් පසු මගේ මිතුරු කණ්ඩායමත් සමඟ එකතු වී සාකච්ඡා කරලා 2000 කට අධික පිරිසකට දිවා හා රාත්‍රී ආහාර වේල් දෙක ලබාදීමටත් ,මහා සංඝ රත්නය වෙනුවෙන් සාංඝික දානයක් පූජා කිරීමටත් මා කටයුතු කළා .ඉදිරියේ දීත් මේ ප්‍රදේශයේ මෙයිට වඩා හොදට පරිත්‍යාග රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා .විහාරාධිපති හිමියන්ට දානෙට ආරාධනා කළ විට අපිට කීවේ ,අපිටත් වඩා මේ ගමේ විශාල පිරිසක් ආහාර අගහිගකමින් දුක් විඳිනවා. ඒ වෙනුවෙන් යමක් කරන්නැයි හාමුදුරුවෝ ඉල්ලා සිටියා. .විහාරාධිපති හිමියන්ටත් ,ජ්‍යෙෂ්ඨ කලාවේදී චින්තක මහතාටත් මෙහිදී මම ස්තුතිය පුද කරනවා ,යනුවෙන් ඔහු ප්‍රකාශ කළේ ය .

 



අදහස් (16)

හාමුදුරුවන්ගේ දන් වේල දැක කම්පා වී ගමටම දන් කදක් දෙයි

කිරිපුතා Wednesday, 02 August 2023 07:46 PM

මා කළ දෙයක් මෙන් මේ මහා පුන්‍යකර්මය අනුමෝදන් වෙමි.

:       0       12

සුපුන් Wednesday, 02 August 2023 08:00 PM

මේ මිනිස්සු දකිද්දි දුකයි වගේම කෙන්තියි. මහ උන් මාරුවෙන් මාරුවට රටේ දේපල සහ මේ මිනිස්සුන්ගෙ බත්පතෙනුත් හොරා කනවා. හැබැයි මේ මිනිස්සුම මාරුවෙන් මාරුවට උඋන්ට බලය දෙනව .

:       0       9

මහසෙන් Wednesday, 02 August 2023 08:07 PM

තියන තැන් වලට තව තවත් ගොඩ ගහන යුගයක අති දුර්ලභ මෙවන් සත්ක්‍රියා අසා සතුටුවීමට ඇගයීමට ලැබීම මහත් කුසලයක්.

:       0       9

සම්පත් Wednesday, 02 August 2023 08:09 PM

ඉතාම යහපත් දෙයක්. උසස් කුසල කර්මයක්. ඒ ගම්මාන වල උදවියට තමාගේම දිරියෙන් නැගීසිටින්නට හැකි වැඩපිළිවෙලක් සකසන්නේ නම් වඩ වඩාත් යහපත්..

:       0       6

හෙළයා Wednesday, 02 August 2023 08:32 PM

මේ ආත්මයටත් මතු ආත්මවලටත් යහපය්හක්ම වේවා තෙරුවන් සරණයි ❤

:       0       4

ලංකාපුත්‍ර Wednesday, 02 August 2023 08:59 PM

ඇත්තටම හදවතට දැඩි සතුටක් දැනුනා මේ වැනි අය වත්මනේ රටට දහස් ගණනින් අවශ්‍ය වෙනවා ඒත් සමහරක් මෙහෙම කරන්න පුළුවන් මිනිස්සු පවා අස්වැසුම අයදුම්කර ලබාගන්නා රටක් කොහොම හදන්නද මේ මහතාටත් එතුමා දිරිගැන්වීම කල මහතාටත් තව තවත් මෙහෙම කටයුතු කිරීමට ශක්තිය හා දිරිමත් බව ලැබී නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවායි පතමු

:       0       4

vajira. Wednesday, 02 August 2023 09:57 PM

මේ පළාතේ දේශ පලකයෝ අඳ ගොළු බිහිරි පුද්

:       0       3

puran appu Thursday, 03 August 2023 05:46 AM

අපේ ගමේ සමහරු පිල් බෙදිලා තරඟෙට පොසොන් දන්සැල් දෙද්දී ඔබලා කල මේ ආදර්ශමත් ක්‍රියාව ඉහලින්ම අගය කරමි. මෙහිදී ඇත්තටම අදාල සහනය ලැබිය යුතු පිරිස අතටම ලැබී ඇත. දන් සල් නරක නැත එහෙත් ඒවා ගැලපෙන්නේ අද සමාජයට නොව මිට දශක 4 කට 5 කට ඉහත පැවති සමාජයටය . අද සමාජයේ ඒවාන් වැඩි වශයෙන් සිදුවෙන්නේ සංවිධානය කරන පිරිස් ආතල් ගැනීම හා තමන්ට ඕන හැටියේ කෑම ගැනීමට මුදල් ඇති පිරිස්ද දන්සලෙන් ක අතල් ගැනීමය .

:       1       4

Perera Thursday, 03 August 2023 06:38 AM

මේ හිඟන තත්වයට සමාජය පත්වෙලා තියෙන්නේ රටේ බහුතරයක් තමන්ගේ වටිනා ඡන්ද අමනෝඥ ලෙස නුසුදුසු අපතයින්ට දීපු නිසා...

:       0       1

මැක්ස් Thursday, 03 August 2023 07:01 AM

මෙවන් මිනිසුන් රටට වාසනාවක්! බොරැ කයිනාරැකාරයින්ට ප්‍රායෝගික අභියෝගයක්! තෙරැවන් සරණයි!

:       0       4

Lalla Thursday, 03 August 2023 07:36 AM

මේ ක්‍රියාවලිය සාධාරණ නෑ. තව තවත් නිකමුන් පෝෂණය... කීප දෙනෙක් තෝරාගෙන ආදායම් මාර්ගයක් නිර්මාණය කර දෙන්න ...වඩා යහපත්...

:       47       12

Bunny Preena Thursday, 03 August 2023 09:19 AM

කුසගින්න නිවන තරම් ලොකු පිනක් ලෝකේ කොහෙවත් නැහැ .මෙවැනි පුණ්‍ය කටයුතු තව තවත් කිරීමට ඔබතුමාට නිරෝගී සුවය .දයිර්ය සහ ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි

:       2       71

චාමර Friday, 04 August 2023 02:43 PM

බොහෝම පින්...

:       0       7

Dr Dharshani Gunathillake Saturday, 05 August 2023 08:27 AM

මෙය , අපි බෞද්ධයන් නම් පමණක් , ඉතාමත් බුද්ධියෙන් වටහාගත යුතු කරුණක්. ඒ අනුව මහා සංඝරත්නයට දෙන දානය, ඉහළ ම දානයයි. ඊට අමතරව , ඉතාමත් කරුණාවෙන් හා කිසිදු බලාපොරොත්තුවකින් තොරව දහස් ගණනකගේ කුසගිනි නිවීමට සිතීම පවා අනන්ත කුසලයක්. ඒ පින් තව තවත් සිදුකිරීමට , ඔබ සියලු දෙනාටම ආයු වර්ණ සැප බල වැඩේවා !! මේ කුසල් සංස්කාර පවා අනිත්‍යය වන බව වැටහෙමින් , සසර මග ඉතාමත් ඉක්මනින් කෙළවර වේවා !!!

:       0       6

Ranasinghe arachchige samantha Saturday, 05 August 2023 01:22 PM

ගොඩාක් පින් සිද්ද වෙනව මහත්තයෝ...!

:       0       4

දසුනී වීරසිංහ Tuesday, 08 August 2023 03:41 PM

ඔයාලා හැමෝටම බොහොම පින්. ඉදිරියටත් මෙවන් කටයුතු කරගෙන යෑමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. ජයෙන් ජයම වේවා. භයංකර දුක්ඛිත මේ සසරෙන් මිදීමට මේ පින් හේතු වාසනා වේවා

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site