( කේ. බුද්ධික කුමාරසිරි)
නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් පවත්වාගෙන ගිය නිවසක් තුලදී ස්වාමීන් වහන්සේ නමකට තරැණියකට සහ කාන්තාවකට නිරුවත් කර පහර දීම ඇතුළු චෝදනා නවයක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයින් අට දෙනා, එක් අයෙකුට රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇපයක් මත .සහ දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (26) දින නියෝග කළාය.
එහිදී සැකකරුවන් ඇමතූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට සම්බන්ධ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් යළි කණ්ඩායම් ලෙස එකතු නොවන ආදී දැඩි ඇප කොන්දේසි නිකුත් කලාය
මෙලෙස ඇප හිමි වූයේ කඩුවෙල ඉහල බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන විතානගේ රසික හේමන්ත , ගුරුසිංහ ආරච්චිගේ අජිත් රංගජීව , මද්දුමගේ විජේසේන , අරඹවත්තගේ චමින්ද රුද්‍රිගු , අරඹවත්තගේ ඉමාන් නිලුක්ෂ රුද්‍රිගු , සේනාධීරලාගේ දොන් නික්සන් අප්පුහාම් , රොහාන් උදයංක ද සිල්වා වීරක්කොඩි ,විජේරත්න මුදියන්සේලාගේ දිලාන් සුරංග යන අය වේ.
ඉකුත් 06 වෙනි දින රාත්‍රි කාළයේදී නවගමුව පොලිස් වසමේ රක්ෂපාන පාර, ඉහළ බෝමිරිය, ශ්‍රී සුමනාරාම විහාර ස්ථානයේ වැඩ වාසය කල පල්ලේගම සුමන හිමියන්ට සහ එහි සිටි 19 හැවිරිදි කාන්තාවකට සහ තවත් කාන්තාවකට විහාරස්ථානය තුළදී පහර දිම, අයුතු ඇතුළු වීම ,අයුතු ජනරාශිය, ලිංගික අතවරය, සාපරාධි බියගැන්වීම,අඩත්තේට්ටම් සිදුකිරිම, අයුතු අවහිරය, විහාරස්ථානයේ දේපළවලට අනර්ථය සිදු කිරීම හා අසභ්‍යය වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරිම යන චෝදනා යටතේ නවගමුව පොලිසිය විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කල අතර එම අවස්ථාවේදී සැකකරුවන් පිරිස අද (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාර තිබුණි
නොවැම්බර් මස 29 දින යළි නඩුව කැදවීමට නියමිත වේ
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හිමි නමට-කාන්තාවන් දෙදෙනාට පහරදුන් 9ට ඇප