
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාශයට පත්කිරීම, ඇදිරි නිතිය පැනවීම, සහ සමාජ මාධ්‍ය ඡාලා අවහිර කිරීමට උපදෙස් දීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි නිතීඥවරයකු ඇතුළු සිව්දෙනකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) නියෝග කළේය.
මෙම පෙත්සම් ලබන ජුලි මස 15 වැනි දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
මුර්දු ප්‍රනාන්දු, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම අද (07) අධිකරණය හමුවේ කැදවිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd