(බී.ජී.චතුරංග )
හදිසි වැටලීමක් සිදු කරන පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජ රංගනයක යෙදී, අනුරාධපුර වන්දනාවේ පැමිණි යුවලක් බිය ගන්වා එම යුවල පැමිණි මෝටර් රථය පරීක්ෂා කර ඔවුන් සතුව තිබූ රුපියල් 41000ක මුදලක් කොල්ලකා පලා ගිය තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තලාව සහ ශ්‍රාවස්තිපුර සින්නික්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසි 21ත් 30ත් අතර වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.
කුරුණෑගල ප්‍රදේශයේ සිට අනුරාධපුර වන්දනාවේ පැමිණ, ඉසුරුමුණියට යන මාර්ගයේ ගසක් යට මෝටර් රථය නවතා ගෙන ගිමන් හරිමින් සිටි යුවලක් බිය ගන්නවා මෙම කොල්ල කෑම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd