IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


හදවත් රෝගවලින් වැලකී සුවැතිව හිඳිමු

අප බොහෝ දෙනකුම නිරෝගී හදවතක් උරුමව ඉපදීමට වරම් ලැබුවෝය. එහෙත් කල් යත්ම වයසින් සේම උස් මහත්ව අප වැඩෙද්දී හදවතේ නිරෝගීකම එයාකාරයෙන් පවත්වා ගෙන යාමට අපට හැකිද? සාම්ප්‍රදායික සේම සෞඛ්‍ය සම්පන්න ආහාර හා ජීවන රටාවකට හුරු වී සිටි අපි අද වන විට ඒ රටාවෙන් ඔබ්බට ගමන් කොට ඇති සෙයකි. ඒ වෙනුවට අධික ලුණු, තෙල්, සීනි මෙන්ම රසකාරක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය සපිරි අලුත් ආහාර රටාවකට අනුගත වෙලා නේද?

ඒ වගේම ශරීරයට ව්‍යායාමයක් නොලැබෙන තරමට අඩුම ගානේ අපට අපේ සෞඛ්‍ය ගැනවත් සිතිය නොහැකි තරමටම කාර්යබහුල වී ඇත. එපමණක්ද දුම්පානය සේම විවිධ විස බාහිරින් ශරීර ගත වන පරිදි මත්ද්‍රව්‍යවලටත් හුරු වී ඇතුවාට සැක නැත. මෙවැනි ජීවිතවලට අත් වෙන ඉරණම ගැන ඔබ හොහොතකටවත් සිතුවාද?

හෘදය සහ රුධිර වාහිනී සම්බන්ධ රෝග ඒ කියන්නේ අධි රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාග වැනි රෝගවලින් ලෝකයේ පුද්ගලයන් වසරකට මිලියන 186ක් මිය යති. ලොව සිදුවන මරණ බොහොමයකටම හේතුව හෘදය සහ රුධිර වාහිනී ආශ්‍රිත රෝගාබාධයි. එමෙන්ම ලෝකයේ මිලියන 520ක ජනගහණයක් මෙම හෘදය සහ රුධිර වාහිනී සම්බන්ධ රෝගවලට ගොදුරුව ජීවත් වෙති. එය ලෝක තත්ත්වය වුවද අපේ රටටත් පොදු කරුණකි.

එමෙන්ම අප අද මුහුණපා සිටින කොරෝනා වසංගතය හමුවේ වැඩිපුරම මිය යන්නෙත් අධික රුධිර පීඩනය, හෘදයාබාද, ආඝාතය වැනි බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන් බව ඔබට තවදුරටත් රහසක් නොවෙයි.

එපමණක්ද තරබාරුව, අධික කොලෙස්ට්‍රෝල් මට්ටම , රුධිරයේ අධික සීනි මට්ටම , වායු දූෂණය, දියවැඩියාව, පිළිකා වැනි තත්ත්ව මෙන්ම කාලික ස්වසන රෝග ඇති වීමේ අවදානමද නුදුරේදීම අපට අත්විඳීමට ලැබෙනු ඇත. මේ කාලයේ අප මුහුණ දෙන බෝවන රෝග වසංගතයේ වින්දිතයන් වන්නට වැඩි අවදානමක් ඇත්තේද මෙවැනි රෝගීන්ටයි.

අද නිරෝගීව ගත කළද දිගු කාලීන අහිතකර ජීවන රටාව නුදුරේදීව ඔබව බෝ නොවන රෝගියකු බවට පත් කිරීමේ ජීවිත අවදානම කෙතරම් බරපතළද? නිරෝගීකම ගිලිහී හෘද රෝගියකු, දියවැඩියා රෝගියකු, පිළිකා රෝගියකු, ඇදුම වැනි රෝග ඇති ස්වසන රෝගියකු වශයෙන් ජීවිතය ගෙවන්නට සිදු වීම කෙතරම් දුකක්ද?

තවදුරටත් අප සිතුවොත් විශේෂයෙන් ඔබේ දරුවාද කුඩා කල සිටම මේ අවදානම මත යැපෙන්නෙකි. ඔබ අප සැමගේ සිහිනය නිරෝගී දරුවකු ලොවට දායාද කරන්නට නම් ඒ සඳහා යෝග්‍ය පියවර අද දිනයේදී දැමිය යුතු වේ.

දියුණු තාක්ෂණික මෙවලම්වලට හුරුව ඇති ඔබට සේම ඔබේ දරුවාටත් නිසි කායික ව්‍යායාමයක් අද ලැබෙන්නේ නැති තරම්ය.

මෙබඳු දියුණු ලෝකයක සිටින අපට මොන ව්‍යායාම්ද කියා ඔබට සිතෙන්නටත් පුලුවනි. එසේම රැකියාව , පාසල් ගමන නැතුව නිවෙසටම කොටු වූ ඔබ මානසික නොසන්සුන්තාවෙන් පෙළෙනවා වන්නටත් හැකියි. එසේත් නැතිනම් තම ආදරණීයන් වසංගතයට ගොදුරුව ඔබද හුදෙකලාව සිටින්නකු විය හැකියි. තවද නිදන්ගත රෝගයකින් පෙළෙන ඔබ එදා සුළු වෙනසකට හෝ වෛද්‍යවරයකු වෙත ගියද අද වසංගතය හමුවේ ඒ සියල්ලටම දැඩි සීමා පනවා ගෙන ඇත. එපමණක් නොව ඔබේ ඖෂධ නිසි පරිදි භාවිත කිරීමට අවකාස නැති සමහර විට වෙනදා මෙන් ඖෂධ ලබා ගැනීමේ දුෂ්කරතාවලට මුහුණ දී ඇති අයකු වන්නට පුලුවනි.

එවැනි පසුබිමක ඔබට ඔබේ ආදරණීයන් හට , සමාජයට පිහිටක් විය හැකි තත්ත්වයක ඔබ සිටිනවාද ? එවන් අසීරු අවස්ථාවකදී ගත කරන දුෂ්කර කාලවලදී පවා අපේ සන්නිවේදන ප්‍රවේශවල වටිනාකම මතුවේ.

සන්නිවේදන ප්‍රවේශ ලෙස ස්ථාවර හෝ ජංගම දුරකතන, පරිගණක. රූපවාහිනය, ගුවන් විදුලිය, පුවත්පත්, දැන්වීම් පත්‍රිකා ආදී ඕනෑම මාධ්‍යයක් යොදා ගත හැකියි. මේ සෑම දේකින්ම සෞඛ්‍යයට හිතකර පණිවුඩ අන්‍යයන් දැනුම්වත් තිරීම උදෙසා හුවමාරු කර ගත හැකියි.

හෘදයාබාධවලින් වැලකී නිරෝගීව සිටීමට, සමබල ආහාර වේලක අවශ්‍යතාව, තෙල් - ලුනු- සීනි අධික ආහාර භාවිතය අඩු කිරීමෙන් සැලසෙන වාසි, දිනකට අවමයෙන් පැයක් පමණ මිඩංගු කර නිවසේ හෝ එළිමහන් ව්‍යායාමයක නිරත වීමෙන් ලැබෙන ප්‍රතිඵල මේ ආදී ලෙසින් සෞඛ්‍ය පනිවුඩ සන්නිවේදනය කිරීම මගින් කුඩා දරුවා, තරුණ තරුණියන් සහ වැඩිහිටියන් පවා දැනුම්වත් කළ හැකිවේ.

එමෙන්ම හුදෙකලා වූවන් තවත් හුදෙකලා නොකර ආදරණීයන් හා සම්බන්ධ කිරීමට දුරකතන වැනි මාධ්‍ය යොදා ගැනීම මගින් ඔවුන්ගේ මානසික මට්ටම යහපත් කිරීම, මානසික ආතතිය දුරු කිරීම වුවද කළ හැකිය. එමෙන්ම රෝගී තත්ත්වයකට භාජන වූවන් අදාල රෝහල් වෙත හෝ සෞඛ්‍ය නිලදාරීන් වෙත යොමු කිරීමට ඖෂධ ලබා ගත හැකි ස්ථාන ගැන දැනුම්වත් කිරීම, ප්‍රජාව වෙත යහපත් සෞඛ්‍ය පනිවුඩ හුවමාරු කිරීමට නූතනයේ දියුණු තාක්ෂණික මෙවලම් භාවිත කළ හැකිය. එය මෙවන් වසංගත කාලයකදී ඉතා යෝග්‍ය වනු ඇත.

ඔබ අප සියලු දෙනාම  සමීපතමයන් මෙන්ම අසල්වාසීන් පොදුවේ සියලු ප්‍රජාවන් වෙත ඔවුන්ගේ දිවි සුවපත් කිරීම උදෙසා කටයුතු කරමු. වසංගත කාලයකට ඔරොත්තු දෙන පරිදි හැඩ ගැසෙමු.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

හදවත් රෝගවලින් වැලකී සුවැතිව හිඳිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 2391 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 621 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 832 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 1167 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 685 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 435 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 374 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site