IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හෙදියන් තුන්දාහක් අලුතින් බඳවා ගනියි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හෙදියන් තුන්දහසක් අලුතින් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එම හෙද පිරිස බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කර තිබෙන බව කී අමාත්‍යවරයා  අභියාචනා කාලයෙන් පසු ඒ බඳවා ගැනීම් කරන බව සඳහන් කළේය.

 දැනට හෙද සේවයේ හතළිස් පන්දහසක් සිටින අතර  පුරප්පාඩු තිබෙන්නේ දහසක් පමණකියි ද අමාත්‍යවරයා කීය.රටේ හතළිස් පන්දහසක හෙද හිඟයක් නැතැයිද සෞඛ්‍යවරයා කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් නඟමින් රටේ 45000ක පමණ හෙද හිඟයක් තිබෙන මොහොතක හෙද පුරප්පාඩු කඩිනමින් පුරවන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

උසස් පෙළ විභාගයට ජීව විද්‍ය හා ගණිත අංශයෙන් පෙනී සිටි සිසුන් හෙද සේවයට බඳවා ගැනීමේ ගැසට් පත්‍රය නිකුත්  කර දැනට 3100 ක් පමණ බඳවාගෙන තිබෙන බවත් තවත්  3800 ක් බඳවා ගැනීමේ පොරොත්තු ලේඛනයේ සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී කීය.



අදහස් (0)

හෙදියන් තුන්දාහක් අලුතින් බඳවා ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site