
(ඩයනා උදයංගනී)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් හෙද හෙදියන් අද (1) ආරම්භ කළ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගීහු දැඩි පීඩාවට පත්ව සිටිති.
හෙද සේවයේ මූලික ඉල්ලීම් කිහිපයක් ඉටු කිරීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇති හෙයින් ඊට විරෝධය පළ කිරීම සඳහා හෙද නිලධාරීන් අද (1) සහ හෙට (2) අසනීප නිවාඩු දැමීමේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
මාතෘ රෝහල්, රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම අපේක්ෂා රෝහල සහ කොරෝනා ප්‍රතිකාර රෝහල් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සඳහා සම්බන්ධ කර නොගන්නා නමුත් එම රෝහල්වල හෙද නිලධාරීන් මේ දින වල සේවයට අත්සන් නොකර සාමාන්‍ය ඇඳුමකින් සැරසී සේවය කරන බව ද රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
හෙද නිලධාරීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ දිගින් දිගටම සාකච්ඡා කළත් කිසිදු විසඳුමක් නොදුන් හෙයින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වූ බව රත්නප්‍රිය මහතා පැවසීය.
කොරෝනා ප්‍රතිකාර කටයුතු කරන හෙද නිලධාරීන් සඳහා අවශ්‍ය පහසුකම් ලබා නොදීම, හෙද නිලධාරීන්ගේ උසස්වීම් ප්‍රශ්නය, හෙද සේවයේ මාණ්ඩලික තත්ත්වය අහිමි කිරීම, හෙද සේවයට දින පහක වැඩ සතියක් ලබාගැනීම, හෙද විදුහල් උපාධි පීඨ බවට පත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.
(ඡායාරූප: ශාන්ත රත්නායක)










(ඡායාරූප: පාලිත ආරියවංශ)
බදුල්ල මහ රෝහලේ හෙද නිලධාරීන් අසනීප නිවාඩු දමා සේවයට නොපැමිණිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය දැක්වූ ආකාරය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් දිනපතා මැරි මැරී යන, සෞඛ්‍ය සේවය ඉතා අසීරුවට පත්වී ඇති, අප කාගෙවත් ජීවිත පිළිබඳව අවිනිශ්චිත, රටම ආර්ථික අවපාතයෙන් පීඩිත මොහොතක, තම පටු අරමුණ වෙනුවෙන්..
දැන් මොකද මේ වෙලා තියෙන්නේ...? මුලින්ම දොස්තරලට විතරක් දීමනා දෙනවා කියලා වෘත්තිය සංගම් නායකයින් ටික ඔක්කොම එකතු වෙලා මේ අයව හොඳට කඩේ යැව්වා. අමාත්‍යාංශයට ගියාම සිද්ද වුණු දෙබස තමයි මේ. අපිටත් දීමනා ඕනෑ. කාටද දීමනා දීලා තියෙන්නේ? ඇයි දොස්තරලාට? දොස්තරලාට දීමනා දීලා නෑනේ. අතිකාල පැය ගාණ කොරෝනා රාජකාරී කරන අයට විතරක් වැඩි කරලා තියෙනවා. ආහ් ඒකනේ. වැඩ කරනවා නම් අපිටත් වැඩි කරන්න ඕනෑ. දොස්තරලාට දිනකට අතිකාල පැය 4... පැය 6ක් කළා. ඔයාලාටත් පැය 6ක් කරලා දෙන්නද? අපොයි එපා. දවසකට අතිකාල සීමාවක් නැතුව ගන්න අයනේ අපි. එහෙම කළොත් අපිට තියන එකත් නැති වෙනවා. එහෙම බෑ. දීමනාවක්වත් ඕනෑ හොඳේ. ඔන්න ඔහොමයි රු. 7500ක් ගත්තේ. ඉතින් ඊට පස්සේ මොකද වුනේ... නර්ස්ලාට අවුල් තමන්ටයි, ඇටෙන්ඩන්ලාටයි අනිත් අයටයි ඔක්කෝටම එකම ගාන හම්බ වුණා කියලා. දැන් විලි වහ ගන්න නර්ස්ලා විතරක් මේ පාර ස්ට්‍රයික් තව දීමනා ටිකකුත් වැඩිපුර දාගෙන.
මොනවා වුණත් මේ වගේ වසංගතයකින් රටේම විතරක් නෙමෙයි ලෝකේම මිනිස්සු බැට කන අවස්ථාවක, එකෙන් ප්‍රයෝජන අරගෙන "කල දුටු කල වල ඉහගන්නා" මේ අය නම් අර "ශ්‍රේෂ්ඨ නයිටින්ගේල්ගේ" දරුවෝ වෙන්න බැහැ.
පිංවත, මෙය බුදු දහම නම් නොවේ. ඒත් මොනවා කරන්නද? අපි සාදු කියමු. සාදු ...! සාදු ...!! සාදු ...!!!
සමන් රත්නප්‍රිය ස්ට්‍රයික් කරන්න ඕනෑ නෑ. අර සුමාන ගාණක් පාර්ලිමේන්තු ඉඳලා ගත්ත කාර් පර්මිට් සහ අනික් වරප්‍රසාදවලට ලැබුණු ගාන නර්ස්ලා අතර බෙදලා දුන්නා නම් හොඳයි.
මාණ්ඩලික ඉල්ලනවා...
වර්ජනය සාධාරණ ඇති, නමුත් අපි අහිංසක ලෙඩ්ඩු ගැනත් සිතිය යුතුයි.
දුවමු මිතුර දුවමු... වෙන රටකට දුවමු.
කර්මාන්ත ශාලාවක් ඇතිකිරීම ගැන කතා කරන්නේ කවද්ද? එකම දේ නැවත නැවත සිදුවෙයි.
අනේ .. ෆ්ලෝරන්ස් නයිටින්ගෙල් මේ හෙද සේවය පෙරදී ආරම්භ කළේ මොනතරම් කැපවීමකින් හා පරිතයාගයකින්ද ? මිනිසුන් ලෙඩවීමේදී විඳිනා දුක් හා පත්වෙන අසරණ තත්ත්වය ගැන සැබෑ
මෙතැන අදහස් දාන අය රජයේ සේවකයන් මිනිස්සු හිතන්නේ නෑ කියලා බනිනවා. ඒත් රජයේ සේවකයන් මෙන් 100 ගුණයක දේවල් අපේ බදු සල්ලි වලින් අරගෙන කිසි වැඩක් හරියට කරන්නේ නැති පාලකයින්ට මොකද කියන්නේ