
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
මේ වන විට ඉලක්ක අභිබවමින් ලංකා ආර්ථිකය වර්ධනය කරගන්නට රජයට හැකියාව ලැබී තිබෙන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"මේ වන විට රටේ ආර්ථික ස්ථායීකරණයේ ප්‍රතිඵල පෙනෙමින් තිබෙනවා. ආර්ථික වර්ධනයක් ඇතිවෙමින් තිබෙනවා. මේ බිඳ වට්ටපු රටක්.අපට ලැබුණේ බිඳ වැටුණු ආර්ථිකයක්.ඉලක්ක අභිබවමින් ආර්ථිකය වර්ධනය කරගන්නට අපට හැකියාව ලැබී තිබෙනවා.
ඒ කියන්නේ අපට ආයෝජන එමින් තිබෙනවා.ආර්ථික වර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ඉතා කැපී පෙනෙන දෙයක්.අපේ ආණ්ඩුව සත පහක මුදල් අච්චුගැහීමක් කර නැහැ . ආර්ථික ක්‍රියාවලිය වර්ධනය වෙලා.
රුපියල් බිලියන 450ක් අප වාහන ආනයනයෙන් මේ වසරේදි බලාපොරොත්තු වුණා. නමුත් මේ වනවිට ඒ ඉලක්කය අභිබවා ගොස් තිබෙනවා.දුප්පත් කම තුරන් කිරීම සඳහා අප විශේෂ වැඩසටහන් සකස් කරමින් සිටිනවා.එමෙන්ම මත්ද්‍රව්‍ය උවදුර මෙන්ම දූෂණය පිටු දැකීම සාර්ථක තත්ත්වයේ තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක බැංකු වාර්තා අනුව ආර්ථික වර්ධනය 3%ට බැහැලා, සංචිත අඩුවෙලා, උද්ධමනය වැඩිවෙලා. ඔය කියන තරම් ආර්ථිකය හොඳ නම් තෙල්, විදුලි ගාස්තු අඩුකරලා ජනතාවට සහන දෙන්නකො. පච උනත් සීමාවක් ඇතුව කියන්න
දූෂිතම පවුල් පාලනේ උන්,වටේම හිටපු දූෂිත දේසපාලුවෝ හිටියානම් ,උන්ගේ ආර්තිකය වර්දනය වෙන හැටි අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .
ඒකනේ. දැන් පොල් මිල අඩුයි. ලයිට් බිල අඩුයි. හාල් මිල අඩුයි. වතුර බිල අඩුයි. පෙට්‍රල් ඩීසල් මිල අඩුයි. පුනරුදය හැම පැත්තෙන්ම බේරෙනවා. අනුර ප්‍රමුඛ මාලිමා කෙබර නඩේ සහ හෝදන්නන් නිසා තමයි මේ සේරම වාසි රටට ලැබුණේ...
විපරමා නෙමෙයි ..වපරයා..ඒකයි මාලිමා ජෙප්පෝ ගහපු සහ ගහන ගැහිල්ල පේන්නේ නැත්තේ.. මොවුන් වැරදි කර කර අනුන්ගෙ පිට පටවනවා. ලැජ්ජයි හලෝ... ලැජ්ජයි..
ඇයි අනේ මේවගේ පච තවත් දෙසාබාන්නේ . විපරමා වගේ උන්ටික ඇරෙන්න වෙන කවුරුවත් නම් විශ්වාස කරන් නෑ
මහ පචයා නැති උනාම පොඩි උන්ට පචයක්වත් හරියට කියගන්න බෑ. ඊයා හලෝ