IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හිතුවටත් වඩා ආර්ථිකය වර්ධනය වෙලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

මේ වන විට ඉලක්ක අභිබවමින් ලංකා ආර්ථිකය වර්ධනය කරගන්නට රජයට හැකියාව ලැබී තිබෙන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"මේ වන විට රටේ ආර්ථික ස්ථායීකරණයේ ප්‍රතිඵල පෙනෙමින් තිබෙනවා. ආර්ථික වර්ධනයක් ඇතිවෙමින් තිබෙනවා. මේ බිඳ වට්ටපු රටක්.අපට ලැබුණේ බිඳ වැටුණු ආර්ථිකයක්.ඉලක්ක අභිබවමින් ආර්ථිකය වර්ධනය කරගන්නට අපට හැකියාව ලැබී තිබෙනවා.

ඒ කියන්නේ අපට ආයෝජන එමින් තිබෙනවා.ආර්ථික වර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ඉතා කැපී පෙනෙන දෙයක්.අපේ ආණ්ඩුව සත පහක මුදල් අච්චුගැහීමක් කර නැහැ . ආර්ථික ක්‍රියාවලිය වර්ධනය වෙලා.

රුපියල් බිලියන  450ක් අප වාහන ආනයනයෙන් මේ වසරේදි බලාපොරොත්තු වුණා. නමුත් මේ වනවිට ඒ ඉලක්කය අභිබවා ගොස් තිබෙනවා.දුප්පත් කම තුරන් කිරීම සඳහා අප විශේෂ වැඩසටහන් සකස් කරමින් සිටිනවා.එමෙන්ම මත්ද්‍රව්‍ය උවදුර මෙන්ම දූෂණය පිටු දැකීම සාර්ථක තත්ත්වයේ තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

 

 

 



අදහස් (8)

හිතුවටත් වඩා ආර්ථිකය වර්ධනය වෙලා

තුසිත Thursday, 25 September 2025 03:29 PM

ලෝක බැංකු වාර්තා අනුව ආර්ථික වර්ධනය 3%ට බැහැලා, සංචිත අඩුවෙලා, උද්ධමනය වැඩිවෙලා. ඔය කියන තරම් ආර්ථිකය හොඳ නම් තෙල්, විදුලි ගාස්තු අඩුකරලා ජනතාවට සහන දෙන්නකො. පච උනත් සීමාවක් ඇතුව කියන්න

:       19       45

ගුණරත්නThursday, 25 September 2025 05:48 PM

ජවිපෙ මාලිමාවේ මන්ද බයියෝ ඔය කතා විශ්වාස කරාවි... ආර්ථිකය ඔය තරම් හොඳ නම් මොකද අස්වැසුම වැඩිහිටි දීමනා ආදිය ගන්නා පිරිස වැඩි වෙලා තියෙන්නේ? මිනිස්සු වාහන ගන්නේ ණය වෙලා, ඒ මදිවාට ආණ්ඩුව කොයි මොහොතේ හෝ බදු වැඩි කරාවි හෝ ආනයන නවතාවි කියන බය නිසාත් පිස්සුවෙන් වගේ වාහන ගත්තා. ඔය කාරණා මොකක්වත් සතුටු වෙන්න දේවල් නොවෙයි...

:       8       29

විපරමා Thursday, 25 September 2025 03:52 PM

දූෂිතම පවුල් පාලනේ උන්,වටේම හිටපු දූෂිත දේසපාලුවෝ හිටියානම් ,උන්ගේ ආර්තිකය වර්දනය වෙන හැටි අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .

:       35       20

Rama Friday, 26 September 2025 04:50 AM

විපරමෝ, කිසිම දෙයක් ඕනවට වඩා වේගයෙන් යන්න හොඳ නෑ කියලා අහලා තියෙනවා නේද, ඉක්මන් කොටයි කියන්නේ... ඔය කියන තරම් අධි වේගී වර්ධනයක් වෙනවාම කියමුකෝ. ඒක දිහා බලාගෙන තව ඇරපන් කියන එකද රජයක් කරන්න ඕනා. එහෙම නැත්නම් ආර්ථික වර්ධනය නිසි පරිදි කළමනාකරණය කරන එකද අවශ්‍ය. ඕක තේරුම් ගන්න පුළුවන් මුදල් සහ අනික් ඇමතිලාද අපේ රටේ ඉන්න පාටක් නෑ වගේ ඔය විදිහට සතුටු වෙන්නේ. ඕනවට වඩා වේගයෙන් ආර්ථිකය සංවර්ධනය වුනොත් උද්ධමනය තවත් වැඩි වෙනවා. බඩු මිල අනික් දේ තවත් උහුලන්න බැරි වෙනවා. ඔය වැඩි වර්ධනය නිසා ආර්ථිකේ රත් වෙලා අන්තිමට එන්ජිම දුම් දාලා නවතිනවා. ඒ නිසා ඔයාගේ ඇමතිලාට කියන්න ඕවට විසඳුම් හොයලා අපිට ලයිට් බිල බඩු මිල බෙහෙත් මිල එහෙම ටිකක් අඩු කරලා දෙන්න කියලා.

:       1       4

මැක්ස් Thursday, 25 September 2025 05:30 PM

ඒකනේ. දැන් පොල් මිල අඩුයි. ලයිට් බිල අඩුයි. හාල් මිල අඩුයි. වතුර බිල අඩුයි. පෙට්‍රල් ඩීසල් මිල අඩුයි. පුනරුදය හැම පැත්තෙන්ම බේරෙනවා. අනුර ප්‍රමුඛ මාලිමා කෙබර නඩේ සහ හෝදන්නන් නිසා තමයි මේ සේරම වාසි රටට ලැබුණේ...

:       8       32

GAMA VARESE Thursday, 25 September 2025 07:07 PM

විපරමා නෙමෙයි ..වපරයා..ඒකයි මාලිමා ජෙප්පෝ ගහපු සහ ගහන ගැහිල්ල පේන්නේ නැත්තේ.. මොවුන් වැරදි කර කර අනුන්ගෙ පිට පටවනවා. ලැජ්ජයි හලෝ... ලැජ්ජයි..

:       5       26

Lalith Friday, 26 September 2025 04:21 AM

ඇයි අනේ මේවගේ පච තවත් දෙසාබාන්නේ . විපරමා වගේ උන්ටික ඇරෙන්න වෙන කවුරුවත් නම් විශ්වාස කරන් නෑ

:       0       7

Toni Friday, 26 September 2025 04:23 AM

මහ පචයා නැති උනාම පොඩි උන්ට පචයක්වත් හරියට කියගන්න බෑ. ඊයා හලෝ

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site