(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ මරණය සිය  දිවි නසා ගැනීමක් බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

උදෑසන ශරීරසුවතා, ව්‍යායාම සඳහා යාමට පෙර ඔහු  පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනිඅවියෙන් උදරය ප්‍රදේශයට වෙඩිතබාගෙන ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා නැගෙනහිර කොළඹ රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බවයි.

පෞද්ගලික හේතුවක් මත ඔහු දිවි නසාගෙන ඇතැයි සැකකරන බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදුකිරීමට පොලිස් කණ්ඩායම් දෙකක් පත්කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය.

(ඡායා සුමුදු හේවාපතිරණ)