(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලවාය එකේ කනුව ප්‍රදේශයේ පිහිටි හිටපු නියෝජ්‍ය කතානායකවරයකුට අයත් නිවසක සහ ඉන් පිටත තිබී ගිනි අවි සහ අත් බෝම්බ සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
එංගලන්තයේ නිෂ්පාදිත බෝර 12 පතරොම් යෙදිය හැකි තුවක්කු 01 ක්, රුසියාවේ නිෂ්පාදිත බෝර 12 පතරොම් යෙදිය හැකි තුවක්කු 01 ක් සමග බෝර 12 පතරොම් 22 ක්, M75 සහ K400 වර්ගයේ ජීව අත්බෝම්බ 02 ක්, විදුලිමය ඩෙටනේටර් 09, තහනම් පිහියක් හා වෙඩි නොවදින ප්ලේට් එකක් සහිත පපු ආවරණ 01 ක් පොලිස් භාරයට ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් නිවසේ ආරක්ෂාවට සිටි වයස අවුරුදු 64 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැල්ලවාය පොලිසිය වෙත භාර දී ඇත.
පොලිස් විශේෂ කාර්යය බළකා බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම ගිනි අවි හා අනෙකුත් භාණ්ඩ සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙයාලගෙ නම දාන්න බැරි....අහිංසක මිනිහෙක් නම් සම්පූර්ණ නම ගම පිංතූරයක් එක්ක කියන්නෙ...මේ ක්‍රමය වෙනස් කළ යුතුයි..