
(සුජිත් හේවාජුලිගේ )
හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කැනඩාවේ ශ්‍රී ලංකා මහ මහකොමසාරිස් ධුරය බාර නොගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ .
කෙසේ වෙතත් ඔහු ජනතාවට සේවය කිරීමට හැකියාව ලැබෙන කිසියම් හෝ තනතුරක් ලැබුණහොත් බාරගැනීමට සූදානමින් සිටින බව ඒ මහතාට සම්බන්ධ ආරංචි මාර්ගවලින් පැවසේ.
එසේම ඔහු නීතිඥවරයෙකු ලෙස නඩුවලට පෙනී සිටීමද දිගටම කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දප්පුල ද ලිවේරා මහතාට මහතා ට කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය පිරිනැමූ අවස්ථාවේ දී ද ප්‍රකාශ කළේ තමා මෙරට රැදී සිටිමින් ජනතාවට සේවය කිරීමට බලාපොරොත්තු වන බවයි.
ලිවේරා මහතා වසර දෙකකට අධික කාලයක් නීතිපති ධූරයේ කටයුතු කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකක් ඉනන.
‘‘කොහොම අතැර දමා යමුද? මේ හිතවත් කම්?.‘‘
තවදුරටත් ගරුත්වය පවත්වාගෙන යන්න.
සජිත්ගේ මාමා, හේමා ප්‍රේමදාස මහත්මියගේ අයියා, කැනඩාවේ හිටපු මහ කොමසාරිස්වරයෙක්.... දැන් ඉන්නෙ කවුද?
එතෙර ගියත්, නොගියත් වැඩක් නෑ.. මොනවද කළේ..? එක නඩුවක්වත් ඉවර කළාද? ඔහොම ගියාම ළඟදිම යයි..
ඡන්දෙ ඉල්ලලා ජනතා සේවකයෙක් වෙමු නේද? වත්මන් කට්ටියක් වගේ.
ලංකාවේ මොන තනතුර කොයි තරම් හොඳින් කලත් බැනුම් අහන්න වන බවට මෙය උදාහරණයක්. පාතාලයින් පොලිසිය මගින් මරා දැමීමට කෙලින්ම විරුද්ධ වීම, පාස්කු විමර්ශනය ගැන අප්‍රසාදය පලකිරීම යනාදිය මහජනයා අගය කල යුතුය. ආණ්ඩුවේ ඉඳගන මීට වැඩිය කරන්න බෑ. කැනඩාවට නොයාම විසාල කැප කිරීමක්. කාක්කෝ ඉන්නේ යන්න බලාගන