IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා - දුම්රිය වාණිජ්‍ය අධිකාරීවරයා නිදහස්

(මනෝප‍්‍රිය ගුණසේකර)

දුම්රිය දෙපාර්තමෙන්තුවේ ස්ථාවර හා ජංගම භෝජනාගාරය ගිවිසුමකින් තොරව පුද්ගලයකුට පවත්වාගෙන යෑමට ඉඩ ලබා දුන් බවට චෝදනා ලැබ සිටි හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සහ හිටපු දුම්රිය වානිජ්‍ය අධිකාරීවරයා කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් නිදහස් කරන ලදී.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ලලිතසිරි ගුණරුවන් සහ දුම්රිය වානිජ්‍ය අධිකාරීවරයා ලෙස කටයුතු කළ තිලක් නන්දන නාලක බණ්ඩාර මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා තිබු නඩුවේ අධිචෝදනා පත‍්‍රය අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීම හේතූවෙන් ලලිතසිරි ගුණරුවන් සහ තිලක් නන්දන නාලක බණ්ඩාර මහත්වරුන් නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.

අල්ලස් පනත යටතේ විග‍්‍රහ කෙරෙන දුෂණය නැමැති වරදට එරෙහිව අල්ලස් කොමිසම විසින් මහාධිකරණයක් හමුවේ පවරන ලද මුල්ම නඩුව වශ්‍යයෙන් ඉතිහාස ගතවු මෙම නඩුවට එරෙහිව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ලලිතසිරි ගුණරුවන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් නඩුවක් පවරන ලද අතර එහිදී ගුණරුවන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු අනුව අධිචෝදනා පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට එකඟ විය.

ඉන් අනතුරුව මහාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී වු එකඟතාවය අනුව අල්ලස් කොමිසම අදාළ අධිචෝදනා පත‍්‍රය ඉල්ලා අස්කර ගත් අතර ඒ අනුව එම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට සිටි ලලිතසිරි ගුණරුවන් සහ තිලක් නන්දන නාලක බණ්ඩාර මහත්වරුන් නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

අල්ලස් පනත යටතේ විග‍්‍රහ කෙරෙන දුෂණය නැමැති වරදට එරෙහිව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරිය යුතු බවට අල්ලස් පනතේ තිබු නියෝගය සංශෝධනය කරමින් පසුගියදා පාර්ලිමෙන්තුවෙන් නිකුත් කළ 2018 අංක 22 දරණ සංශෝධන පනත අනුව දුෂණය නැමැති වරදට එරෙහිව මහාධිකරණය හමුවේ පවරන ලද මුල්ම නඩුව වශයෙන් මෙම නඩුව හැඳින්වේ.

මෙම නඩුවේ අධිචෝදනා පත‍්‍රය බාරදීම සඳහා විත්තිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කොට තිබු අතර ඒ අනුව විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඒ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ නීතී නිලධාරිණිය අධිකරණය අමතමින් මෙම නඩුවේ විත්තිකාර ලලිතසිරි ගුණරුවන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද මුලික අයිතිවාසිකම් නඩුවේදී මෙම විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසම එකඟතාවයකට පැමිණ ඇතැයිද ඒ අනුව මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියාය.

අල්ලස් කොමිසමේ ඉල්ලීම පිළිගනිමින් අධිචෝදනා පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් විනිසුරුවරයා අධිචෝදනා පත‍්‍ර බාරදීමකින් තොරවම ලලිතසිරි ගුණරුවන් සහ තිලක් නන්දන නාලක බණ්ඩාර මහත්වරුන් නිදහස් කළේය.



අදහස් (0)

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා - දුම්රිය වාණිජ්‍ය අධිකාරීවරයා නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 77 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 353 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site