IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හිටපු ඩි.අයි.ජි ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට

(යොහාන් භාසුර, ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා  ‘ලංකාදීප’යට පැවසීය.

රෝගී තත්වයක් හේතුවෙන් රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ එම රෝහලේ ඒ මහතා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හෙට (29) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වුට්ලර් මහතා කීය.

විදේශ රටක සිට මෙරට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවන නමගිය සංවිධානාත්මක අපරාධකරුවකු මරණ තර්ජනය කළ බවට කළ අසත්‍ය පැමිණිල්ලක් පිළිබඳව කළ විමර්ශනයකට අදාලව ජයකොඩි මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙසේ අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

විදේශ රටක සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු යැයි කියන ‘කෙහෙල්බද්දර පත්මේ’ තමන්ට මරණ තර්ජන කළ බවට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මීට දින කීපයකට පෙර වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිළි කර තිබුණි.

කෙසේ වෙතත් එම මරණ තර්ජනය කළ පුද්ගලයා යැයි සැක පුද්ගලයෙක් මහනුවර ප්‍රදේශයේදී මීට දින තුනකට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබූ බවත් ඔහුගේ දුරකථනය පරීක්‍ෂා කිරීමේදී ‘කළ උදව්වට ස්තූතියි’ ආදි ලෙස ප්‍රියන්ත ජයකොඩි මහතා යොමු කළේ යැයි කියන කෙටි පණිවුඩ තිබූ බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යැයි කියන අදාල පුද්ගලයා ලවා ප්‍රියන්ත ජයකොඩි මහතා, හිටපු මහජන ආරජෂක අමාත්‍යවරයකුට, හිටපු පොලිස්පතිවරයකුට, සක්‍රීය සේවයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට සහ ජයකොඩි මහතාගේ සමීප ඥාතියකුට තර්ජනාත්මක දුරකථන ඇමතුම් දී ඇති බවත් අදාල පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සිට එම ඇමතුම් දී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ඇමතුම් ඩුබායි සිට අදාල පුද්ගලයන්ට දුන්නේ යැයි අත්අඩංගුවට පත්ව සිටින සැකකරු මෙරටට පැමිණ එම විදේශ සිම්පත තිබූ දුරකථනයට මෙරට සිම්පතක් ඇතුළත් කිරීමෙන් ඔහු හදුනාගැනීමට හැකිවී ඇතැයි වැඩි දුරටත් දැනගන්නට තිබේ.

 



අදහස් (6)

හිටපු ඩි.අයි.ජි ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට

පරා Tuesday, 29 July 2025 12:51 AM

ඕක තමයි අපි නිතරම කිව්වෙ පොලිසියේ සහය නැතුව පාතාලයට පැවැත්මක් නැති බව.

:       1       17

සම් Tuesday, 29 July 2025 04:02 AM

කොහේ හරි වීසා ගන්න ඕන වෙලාද?

:       0       13

අරවින්ද මොණරවිල Tuesday, 29 July 2025 10:41 AM

මෙයා මෙච්චර දවසක් බබා පාටි දාන කොට සැක හිතුණා. දැන් බැලුවාම වැඩේ හරි, ටිරානුයි දේශබන්දු එක්කයි සෙට් වෙලා තියෙන්නේ. දැන් කාපන් පරිප්පු !

:       0       2

Bunny Preena Tuesday, 29 July 2025 10:50 AM

සුබ චරිතයක් මට නම් හරිම පුදුමයි. හිතාගන්නවත් බෑ. තව තවත් දේවල් එළියට එයිනේ... ඔහු මොනවාද කියන්නේ කියලා අපි බලාගෙන ඉමු...

:       1       0

fairoos Tuesday, 29 July 2025 11:57 AM

ඉස්සෙල්ලා පොලිසියේ සහ හමුදාවේ සුද්ද කරලා ඉන්න වෙයි

:       0       10

නිහාල් Tuesday, 29 July 2025 05:45 PM

මට නම් හිතෙන්නේ ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් කියලා ජාතියක් නෑ. මෙයාලාම තමයි ඒ ඉන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 754 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 568 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site