
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව මෙසේ ඉවත් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ ප්රධාන ආරක්ෂක නිලධාරියා ද සමගිනි.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දී තිබූ සියලුම නිලතල වලට අයත් නිලධාරීන් මේ අනුව ඉවත් කරනු ලැබ තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි විවිධ නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් 307ක් සහ තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරීන් 24 දෙනෙක් මෙලෙස දිවයිනේ විවිධ පොලිස් ස්ථාන සඳහා අනුයුක්ත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම අනතුරක් සිදු නොවන බවට ෂුවර් ඇති. ඒකෙන් තේරෙන්නේ මෙතෙක් රටේ ඇතිවුණු සියලු මහ කෝලාහල පිටිපස්සේ වර්තමාන පාලකයෝත් හිටියා කියන එකයි..!
වසර 45ක් පාලන දේශපාලනයේ සිටි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට කිසිඳු තර්ජනයක් නොමැති බව සඳහන් කර ඔහුට ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර ඇතැම් දැනට දින 10කට පෙර ජනාධිපති වූ අනුරටත් ආරක්ෂාවක් අවශ්ය නොමැත.
මම ඊයේ දිනයේදී සිංගප්පුරුවේ පැවැති උත්සවයකදී එරට රජයේ ජ්යෙෂ්ඨ ආරක්ෂක ඇමැති මුණගැසුණා. ඔහු කිසිම ආරක්ෂකයෙක් නැතිව උත්සවේට පැමිණි සියලු දෙනාටම සුහදශීලිව කථා කරලා ගියා. අපේ හිටපු අයටත් ආරක්ෂාව දෙනවා. එච්චරටම රටට වැඩ කරලානේ...!
ආරංචිය සුබයි. බදුමුදල් ඉතුරුයි...
ලොක්කා වැඩි මහන්සි නැති වැඩක් නම් තියෙනවා, අන්න ඇල්පිනිස්ටන් හෝල් එකේ ටිකට් චෙක් කරන්න පොරක් හොයනවා. එතැන ඉන්ටවීව් අරවා මෙව්වා නැහැ. ජනාධිපතිකමට ගියා වගේම තමයි. දන්න කියන කෙනෙක් අල්ලගෙන රින්ගගන්න පුළුවන්. ආරක්ෂාව ඕනම නම් ටිකට් කූඩුවේ දැල් ගහලා තියෙන්නේ...!