
(අංජුල මහීකවීරරත්න, යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 166ක් අවභාවිත කළැයි කියන චෝදනාවක් සම්බන්දයෙන් දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝගී තත්වයක් හේතවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
අධික රුධිර පීඩනය සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් වෛද්‍යවරු මෙම නිර්දෙශය කර ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.
හිටපු ජනපතිවරයාගේ සෞඛ්‍ය සම්බන්දයෙන් වෛද්‍යවරුන් නිරන්තරයෙන් අවධානයෙන් සිටින බව ද දැනගන්නට ඇත.
වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව මේ වන විට හිටපු ජනපතිවරයා කොළඹ ජාතික රෝහලට රැගෙන යමින් සිටින බව ද එම ආරංචි මාර්ග කියයි.
එසේම වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත හිටපු ජනපතිවරයාට නිවෙසන් ආහාර ලබාදීමට ද බන්ධනාගාර පරිපාලනය අවසර ලබාදී ඇත.
ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා රනිල්ගේ දේශපාලන අනුගාමිකයෙක් නොවේ, නමුත් 2022 රට පත්වී තිබූ අහේනියෙන් බේරා ගෙන ඉදිරි මග සාදා ගැනීමට මග පාදා දුන් කෙනා ලෙස මා ඔහුට ගරු කරමි. ඒ නිසා මෙලෙස හරක් හොරෙක් සේ මාන්චුදමා ගෙන ගොස් සිර කිරීම් ගැන මගේ අදහස අප සියල්ලන්ම ලැජ්ජා විය යුතුයි. කළගුණ ගැන ඉහළින් දොඩමින් මෙවැනි දේ තුළින් අපි අපිම මුලු ලොව ඉදිරියේ දීම නිරුවත් කර ගැනීමක් වැනිය...
මට තේරෙන්නෙ නැති දෙයක් තියෙනවා. රනිල්ගේ නීතිඥයා ඇප ඉල්ලද්දි කිව්වා ලබන සතියේ ඉන්දියාවේ තරුණ සමුලුවකට ප්‍රධාන ආරාධිතයා ලෙස යන්න තියෙන නිසා ඇප දෙන්න කියලා. එහෙම ගියා නම් හරි වැඩේ වෙන්නේ. සමහරවිට ප්ලේන් එකේදීම ප්‍රෙෂරුයි, සීනියි වැඩිවෙන්න තිබුණා. ඉංදියාවේ ඉස්පිරිතාලෙකට තමයි යන්න වෙන්නේ. වෙලාවට රිමාන්ඩ් කලේ...
හිරේට යන්න වෙච්චි එකට ප්‍රෙෂර් එක වැඩිවෙලා? ඉක්මන් සුවය ලැබේවා...!
එතුමාට ඉක්මන් සුවය ලැබේවා, සියලු චෝදනා වලින් නිදහස් වී සුවසේ විශ්‍රාමික දිවිය ගත කරන්න ලැබේවා
රටේ දුප්පත් ජනතාවගෙන් " කජු " කිලෝ 10ක් මේ සමග එවා ඇත.
ඊයේ උසාවියේ තීන්දුව දුන්නා... දිට්ට ධම්ම වේදනීය කර්මය .
කෙහෙළිය ගෙනාපු එහෙත් ටිකක් පොවන්න. වැඩි වේදනාවක් නැතිවම යන්න පුළුවන්. එහෙ ජේ ආර් මාමා බලාගෙන ඉන්නවාලු...
ජාතික රෝහලෙන් මානසික රෝහලට...
මේ මිනිස්සු දේශපාලනේ කරන ගමන් ලොකු සැප ගත්තා.. රටටත් කෙලවුණා. දැන් ඉතින් මේ නහින දෙහින කාලේ, මේ මිනිස්සු කරපු වැරැදි වරද කරුවන් කරලා, ගෙවල් වලට යවලා යහතින් අන්තිම කාලේ ඉන්න දෙන එක හොඳයි. හිරේ විලංගුවේ දානවාට වැඩිය. ඉඩකඩම්, යාන වාහන අයතා දේපල ඇති නම් ඒවා රාජසන්තක කරන එක කරන්න පුළුවන්..
හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට යැවීමට ගත් තීරණය අගයමු...
කොයි තරාතිරම්වල හිටියත් රුපියලකින් හරි රටට වංචාවක් කරලා තියෙනවා නම් දඬුවම් ලැබෙන්න ඕනෑ. අනිත් අයටත් ළඟදීම ෂොට් එක හම්බ වෙයි.
හැමෝම ආපහු ගෙදර යන්නේ නෑ..
මෙම පාලනය විරුද්ධවාදීන් මර්දනය කරන ආකාරය, විපක්ෂ දේශපාලනඥයන් තම අභිමතය පරිදි අත්අඩංගුවට ගැනීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය හසුරුවන ආකාරය අපි ප්‍රකාශයට පත් කරන්නෙමු. වර්තමාන තත්ත්වය ලොව පුරා පැහැදිලි කිරීම සඳහා මම සංයුක්ත හා ප්‍රවෘත්ති ලිපි ලිවීමට පටන් ගෙන ඇත්තෙමි. මම මගේ මුළු දවසම මේ සඳහා කැප කරමි. පෑනෙහි බලය වඩාත් බලවත් වන අතර මම මෙම ආක්‍රමණශීලී පාලනයට එරෙහිව නැගී සිටිමි. සියලුම ප්‍රවෘත්ති නාලිකා දැනටමත් පරීක්ෂා කර බලන්න.
මේ වෛරී දේශපාලනය කරන අයගේ අම්මලා තාත්තලා ඔක්කොටම මේ වගේ ICUම යන්න ලැබේවා...!
මේ ජවිපයයි, ඒකෙ ඉන්න 3% මිනිස්සුයි ඔක්කොම මානසික ලෙඩ්ඩු... පුදුම වෛරයකින් ජීවත් වෙන මානසික ලෙඩ්ඩු ටිකක්.
ජාතික රෝහලෙන් ... කොහාටද?
මෙතන දාල තියෙන සමහර අදහස් තනිකරම සල්ලිවලට රස්සාවට ලියන අයගේ අදහස්. නම් වලිනුත් තේරුම් ගන්න පුළුවන්. ජිල්බු, කපුරුහාමි, විපරමා තමුන්ගේ ඇත්ත නමින් ඉන්නවත් කොන්දක් නෑ.
දශක ගාණක් තිස්සේ රටේ ධනය හොරා කාපු කොළඹ හාමුලට නිතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තම කඩේ යන උන්දල සැහෙන්න කලබල වෙලානේ තමන් ඉන්නේ මොන පන්තියේ ද කියලවත් දන්නේ නැති මිනිස්සු.