(නිමල කොඩිතුවක්කු)
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණ සැමරුම වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ධර්ම දේශනාවක් අද (30) පැවැත්විණ.
මෙම අවස්ථාව සඳහා ගංගාරාම විහාරයේ විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ඇතුලු මහා සංඝ රත්නය වැඩම කර සිටි අතර හොරණ සීල සුවඅරණ ගිලන් භිකෂු මධ්‍යස්ථානයේ අනුශාසක ගලගමුවේ ඥණදීප හිමියෝ එහිදී ධර්ම දේශනාව සිදු කරනු ලැබූහ.
මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති ආර්‍යා හේමා ප්‍රේමදාස මැතිණිය, කතානායක කරු ජයසූරිය, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක, මලික් සමරවික්‍රම යන මහත්වරුන් සහ ප්‍රේමදාස පවුලේ ඥාතීන් ඇතුලු පිරිසක් එක්වූහ.
රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් රාජ්‍ය නායකයා ලෙස තමන් සැප විඳිනවා වෙනුවට රටේ අනික් ජනතාවට සැප උදා කිරීමට වෙහෙසුනු ජන නායකයෙක් බව ගංගාරාම විහාරයේ විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ එහිදී අනුශාසනාවක් සිදුකරමින් පැවැසූහ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd