IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


හිටපු ජනපති ජින්තාඕ සමුළුවෙන් ඉවත් කෙරේ

චීන කොමියුනිස්ට් පක්ෂ සමුළුව අතරතුරේ ඊට සහභාගී වී සිටි චීනයේ හිටපු ජනාධිපතිවරයකු වන හූ ජින්තාඕ හිටිහැටියේ සමුළුවෙන් ඉවත් කිරීමට නිලධාරීන් දෙදෙනකු කටයුතු කළ අතර එම සිදුවීම බටහිර මාධ්‍යවල වැඩි අවධානයක් දිනා ගත්තේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ එක් වී, ෂී ජින්පින් පක්ෂ නායකත්වයෙන් සහ ජනාධිපති ධුරයෙන් ඉවත් කිරිමට කුමන්ත්‍රණයක් මෙහෙයවූයේ යැයි මීට සති කීපයකට පෙර ඇමෙරිකන් සහ ඉන්දීය මාධ්‍ය පුවත් වාර්තා කර තිබුණි.

චීන ජනාධිපති ෂී ජින්පින් නිවාස අඩස්සියට පත් කළ බවටත්, චීනයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණු බවටත් රාවයක් පැවැතිණි.

ෂී ජින්පින්ට පෙර, කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූයේත්, ජනාධිපතිවරයා වූයේත් හූ ජින්තාඕ ය. පක්ෂ කොංග්‍රස් සමුළුව අවසන් දිනයේ කටයුතු පැවැත්වෙද්දී, නිලධාරීන් දෙදෙනකු පැමිණ ෂී ජින්පින් අසල අසුන් ගෙන සිටි හූ ජින්තාඕ සමුළුවෙන් ඉවතට රැගෙන ගියේ ජින්තාඕ ඊට විරෝධය දක්වද්දීව. ඒ බව එම සිදුවීමට අදාල රූප රාමු විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වෙද්දී පැහැදිලිව දකින්න ලැබුණි.

එම සිදුවීම සම්බන්ධයෙන් චීන ‘කොමියුනිස්ට්’ පක්ෂය, පසුව මාධ්‍ය හමුවේ කියා සිටියේ, 79 හැවිරිදි හූ ජින්තාඕ අසනීප තත්ත්වයකින් පසුවුණු බවත්, ඔහුගේ ආධාරකරුවන් පැමිණ ඔහු ඉවතට රැගෙන ගිය බවත්, පසුව ඔහුගේ රෝගී තත්ත්වය සුව අතට හැරුණු බවත්ය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

හිටපු ජනපති ජින්තාඕ සමුළුවෙන් ඉවත් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 459 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1661 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site