(ඩයනා උදයංගනී)
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන කණගාටු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (5) පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නාවල දී පැවති ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නියෝජිත මහා සභාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පළාත් සභාවට තනිව තරඟ කරන්නේදැයි මෙහිදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ඒ ගැන සාකච්ඡා කළ යුත්තේ පළාත් සභා මැතිවරණයට අදාළ පනත සම්මතවීමෙන් පසුව බවය.
තවම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධ පනත පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු බවත්, ඒ ගැන මෙතෙක් පක්‍ෂය සාකච්ඡා කර නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද මේ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර ඔහු පැවසුවේ කාදිනල්තුමන්ගේ ප්‍රකාශ පිටුපස කිසියම් දේශපාලන හස්තයක් තිබේදැයි සැක මතුවන බවයි.
පාස්කු ඉරුදින සිදුවූ කොමිෂන් සභා වාර්තාවේ කිසිම තැනක හිටපු ජනාධිපතිවරයා වරදකරුවකු කර නැතැයි කී දයාසිරි ජයසේකර මහතා එතුමාට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් ඇත්දැයි සොයාබැලීමට නීතිපති දෙපාර්තමේන්තුවට අවස්ථාවක් දෙන ලෙස පමණක් එහි දක්වා ඇතැයි ද කීවේය.
එය නිවැරදිව තේරුම් නොගැනීම සම්බන්ධයෙන් කණගාටු වන බව කී මහලේකම්වරයා උසාවියකින් වරදකරු වන තුරු කිසිවෙකුත් වරදකරුවකු නොවන බව ද පැවසීය.
බෝම්බ ප්‍රහාරය එල්ල කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා නොවන බවත්, මෙවැනි ප්‍රකාශවලින් සැබෑ වරදකරුවන් යටපත් වන බවත් කී ජයසේකර මහතා පක්‍ෂය ගොඩනගාගෙන යන අවස්ථාවක මෙවැනි පහරදීම් සාමාන්‍ය බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශයට කනගාටුයිලු. උන්වහන්සේ පවසා ඇත්තේ මියගිය අයගේ දුක හා දුකට පත්වූ ජීවිත ගැන සානුකම්පිකව සිතාබලා... මෙයාට හා දයාසිරිලාට ඒ දුක පෙන්න හදවත් කියලා දෙයක් තියෙන්නට ඕනෑනේ.ඒ අයට හදවත් නැහැ.දයාසිරිගේ කතාවත්, එයාටම හොඳයි.බෝම්බ ගැහුවේ මෛත්‍රීපාල නෙමෙයි ලු.එතකොට එයාට විධායක ජනාධිපතිකම දීලා සියලු සැප සම්පත් දීලා, පඩි නඩි,සියලු වරප්‍රසාද දීලා තියාගත්තේ මොන කෙහෙල්මලකටද දයාසිරි මන්ත්‍රී තුමෝ.මොනවද මේ බාල බොළඳ කතා.ඔබලාගේ දේශපාලන පිරිහීම මේ කතාවන් වලින්ම පේනවා.
කාලෙකට පස්සෙ පත්තරයක් බැලුවා වෙන්ඩැ. ඔබතුමා ජනපති වෙලා හිටපු කාලේ කියපු,කරපු දේවල් වල දිහා බැලුවම මුලු මහත් ජනතාවටම කණගාටුවක්,කළකිරීමක් ඇති වෙන්ඩ ඇති .
ආරක්ෂාව යනු සොයා බැලිය යුතු දෙයක් . අදාළ නිලධාරීන් දැනුම් දෙන තෙක්, බලා නොසිටිය යුතු දෙයක්.
මෙයා කණගාටුවෙන් කිව්වම මගේ බඩ පපුව දාල ගියා. මොන අපරාධයක්ද මේ කාදිනල් තුමා කරලා තියෙන්නේ?
ඔබතුමා කනගාටුවෙන්න ඕනේ. මොකද ඒ මිනිස්සු මරුනේ ඔබ ආරක්ෂක ප්‍රධානියා වෙලා ඉද්දි. රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව එහෙම පිටින්ම නැති කරා මෙච්චර දේවල් දැනුම් දීලා තිබියදීත්.
ඔහු කනගාටු විය යුත්තේ ඔහු ජනාධිපතිවරයකු ලෙස තම වගකීම ඉටු නොකළ නිසාය.
අසාර්ථකම නායකයා ලෙස ඉතිහාස ගතවීම නිසා අපිට මෙතුමා ගැන අත්තේ අනුකම්පාවක්.
අයියෝ සිරිසේන කියලා තමයි කියන්න තියෙන්නේ. දැන් අපි ගෙවන්නෙත් මෙතුමාගේ දෙවැනි ධූර කාලය වගේම තමයි.
සිරිසේන උන්නැහේට කණගාටුයි කියන වචනේ කියන්න නම් ලෙහෙසියි. වේදනාව, දුක දැනෙන්නේ පවුල් වල උදවියට... එය කොතරම් ද කියලා වචනවලින් කියන්න බැරි තරම්. දේශපාලකයන්ට මොනවා කියන්න බැරිද?
බැරි වැඩ කරන්න ගියාම අපහාස තමයි විඳින්න වෙන්නේ... දැන්වත් ගෙදර ගියා නම් හොඳ නැද්ද? පෙන්ෂන් එකක් තියෙනවා නේද?