IMG-LOGO

හිටපු ජනපති ඇතුළු හැමෝම වගකීම් පැහැර ඇරියා

(ඩයනා උදයංගනී)

මැතිවරණය ජයග්‍රහණය කිරීමේ චේතනාවෙන් ඇතැමුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු සැඟවූ බවත්, එහිදී හිටපු ජනාධිපතිවරයාගේ සිට ආරක්ෂක අංශ භාරව හිටපු නිලධාරීන් ද තමන්ගේ වගකීම් පැහැර හැර ඇති බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

මැතිවරණය වෙනුවෙන් ‘අපි රට ආරක්ෂා කරනවා, අපි රටට යුක්තිය දෙනවා’ කියලා කියන්න ඕනකම තිබූ නිසා ඔවුන් ඒ දේ කළ බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

එවැනි චේතනාවක් නොතිබුණේ නම් මෙවැන්නක් වීමට යන බව හා ඉන් ආරක්ෂා වන ලෙස දැනුම්දීමට තිබූ බව කී කොළඹ අගරදගුරුතුමෝ දේශපාලනඥයන් හා නිලධාරීන් පමණක් තමන් අතර ලියුමක් හුවමාරු කරගෙන ආරක්ෂා වී අහිංසක මිනිසුන්ව බිලි දුන් බව ද කීහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවසුවේ ඉතාලියේ පාදුවා නුවර පිහිටි ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ දී අද (1) පැවැත්වූ විශේෂ දිව්‍ය පූජාවට එක්වෙමිනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසර තුනක් යුක්තිය ඉල්ලූ නමුත් ශ්‍රී ලංකා පාලකයන්ගෙන් කිසිම සාධාරණයක් ඉටුනොවූ නිසා ජාත්‍යන්තරයට ඒමට සිදුවූ බව කී කොළඹ අගරදගුරුතුමෝ අපිට රටේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා උදව් ඉල්ලීමත් මෙහි අරමුණක් බව කීහ. පාස්කු ප්‍රහාරය සම්බන්ධව බොහෝ දෙනෙක් දැන සිට ඇති නමුත් ඡන්දය දිනාගැනීමේ අවශ්‍යතාවය නිසා එය සිදුවීමට ඉඩ හැර ඇතැයි ද කාදිනල්තුමෝ කීහ.

දේශපාලනඥයන් සමාජය පිරිහීමට හැර දූෂණය රජ කරවීම මෙන්ම නීතිය වල් වදින්න සැලැස්වූ බව කී කොළඹ අගරදගුරුතුමෝ නීතියේ ඉහළම නිලධාරියා ජනාධිපතිධූරයෙන් පත්කරන අයෙක් නිසා ඔහුට අවශ්‍ය පරිදි කටයුතු කරන්නට ලැබී ඇතැයි ද පැවසූහ.

වර්තමානයේදී ජනතාවගේ ඡන්දයෙන් බලයට එන පාලකයෝ පොහොසත් වී පිටරටවල මුදල් එකතු කිරීම හා ව්‍යාපාර ආරම්භ කිරීම සිදුකරන බවත්, මෙම දූෂිත ක්‍රමයේ වරද පෙනෙන්නට ගත්තේ පාස්කු ප්‍රහාරය යට ගැසීමට දැරූ උත්සාහය තුලින් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.

එහිදී දෙදෙනකුට විරුද්ධව නඩු දමා නඩුව දියාරු කර ඔවුන් නිදහස් කරන්නට ඉඩ සැලසූ බවත්, ශ්‍රී ලංකාව නව ගමනක් වෙත යොමු කරන්නට අවශ්‍ය ශක්තිය රටේ මිනිස්සුන්ට දෙන්නැයි යාඥා කරන බවත් කාදිනල්තුමෝ පැවසූහ.

 



අදහස් (0)

හිටපු ජනපති ඇතුළු හැමෝම වගකීම් පැහැර ඇරියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 701 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1097 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site