
(සුජිත් හේවාජුලිගේ)
හිටපු කතානායකවරයකුගේ මාසික කෑම බිල (ඔහු එම ධූරයේ සිටියදී) රුපියල් ලක්ෂ තුනහමාරක් බව හෙළිවී ඇත.
පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් පැවැත්වූ විගණනයේ සම්පූර්ණ වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට වැඩබලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා විසින් ඉකුත්දා බාර දෙනු ලැබීය.මෙම තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය.
පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයේම අක්‍රමිකතා පිළිබඳව එමගින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ඇතැයි කතානායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම වාර්තාව ඉදිරි දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සම්පූර්ණ විගණනයක් කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වැඩ බලන විගණකාධිපතිවරයාට මීට මාස කිහිපයකට ඉහතදී දැනුම්දුන්නේය . ඒ අනුව මෙම විගණන විමර්ශනය පවත්වා එහි වාර්තාව කතානායකවරයාට මෙසේ බාරදී ඇත.
මේ සම්බන්ධයෙන් අප වැඩ බලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මුළු පාර්ලිමේන්තුවම ආවරණය වන පරිදි මෙම විගණනය කළ බවයි.
විගණන වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා කතානායකවරයා විසින් අදාළ අංශ වෙත යොමු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත. ඒ සම්බන්ධයෙන් කතානායකවරයා නීතිය අංශවලද උපදෙස් ගනු ඇතැයි සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් කජ්ජක්ද? හිටපු අය ඔක්කෝම සෙට්වෙලා මුළු රටම කාපු එකේ? අනෙක තමයි ඔය හිටපු සෙට්වල ඉන්න හුඟාක් අය උදරය ඉදිරියට නෙරා ඒමේ බෝවෙන රෝගයට ගොදුරුවෙලා තියෙන එක. ඒක සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලටත් හොඳ කරන්න පුළුවන් රෝගයක් නොවෙයි.
පොලී මුදලාලි ඔහොම තමයි.
IMF ඒක මිලියන 300 ගානෙ ණය දෙන්නේ ඕකට තමයි... කතා නායක හොදට කන්න කියලා.. IMF ප්‍රඤ්ඥප්ත්යේ 4 වන වගන්තියේ 20 වන ඡේදයේ තියෙන්නේ...
මට හිතෙන්නේ පොලි මුදලාලි ගැන නෙමේ මේ කතා කරන්නේ අශෝක් රන්වල ගැන...
ඒ කතානායක රසබොජුන් කාලා තනතුරත් කෑවා, රංවල ආචාරිතුමා බොරු බේගල් ආචාර්ය උපාධි ගැන කෙප්ප කියලා, නිල හිස් වැසුම රුයිතෙට ඇඳලා තනතුරේ ගෞරවය කෑවා. වැඩි වෙනසක් නෑ.
මුඛයෙන් මුදල් සහ අධෝමුකයෙන් කෑම එකවර දෙකෙන්ම පරිභෝජනය කරන්න ඇති. දෙපැත්තෙන්ම පුරවනකොට බන්ඩි ගෙඩිය ලොකු වෙන එක ගැන කවර කතාද.
ඒ වුනාට නිල නිවාස දෙකක් තියන් එකක් යාලු කොල්ලාට දෙන්න තහනමක් නැහැ ආයිබෝවන්...
දැන් සෙට් එකෙත් එහෙමමයි බඩවල් නෙරලා නේද