IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හිටපු කොටි සාමාජිකයා වෙඩි වැදී මරුට

( රොමේෂ් මධුෂංක)

වවුනියාව නෙදුන්කේනි පොලිස් වසමේ පට්ටිකුඩිරුප්පු ප්‍රදේශයේ වගා ඉඩමකදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට නෙදුන්කේනි පොලීසිය පවසයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ අසල්වාසී ඉඩමක පදිංචි වූ තවත් අයෙකු සමග ඇතිකරගත් බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකින් පසුව මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

මෙම වෙඩිතැබීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 58ක පට්ටිකුඩිරිප්පු-නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචි අලකයියා මහේෂ්වරන් නැමති අයෙකු වන අතර මිය ගිය පුද්ගලයා මෙන්ම වෙඩිතැබීම සිදුකර බවට සැකකෙරෙන පුද්ගලයාද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්තාපනය වී නැවත පදිංචි වූවන් බවට හෙලි වී ඇතැයිද පරික්ෂණ සිදුකරන නෙඩුන්කේනි පොලීසිය පැවසීය.

පසුගිය 21 වනදා ඝාතනයට ලක් වූ පුද්ගලයා ඉඩම්ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලෙන් පසුව ඝාතකයා විසින් නිවසක සඟවා තිබූ දේශීය නිශ්පාදිත ගිනිඅවියකින් වෙඩිතැබීම සිදු කොට ඇත.

එහිදී බරපතල තත්වයේ සිටි තුවාලකරු නෙඩුන්කේනි ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති අතර ඝාතකයා පලා ගොස් තිබුනි.

අනතුරුව නෙඩුන්කේනි පොලීසිය විසින් අදාල ඝාතනයට සම්බන්ධ සැකකරු සැඟව සිටියදී අත්අඩංගුවට ගත් අතර ඔහු සම්බන්ධයෙන් වව්නියාව අධිකරණයේ නඩු 5 ක් ඇති බවටත් ඉන් එකක් වශයෙන් නීතිවිරෝධීව ගිනඅවි ලඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරුවෙකුද වන බවට අනාවරනය වෙයි.

 

 



අදහස් (0)

හිටපු කොටි සාමාජිකයා වෙඩි වැදී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site