(නිමන්ති රණසිංහ)
එල්ටීටීඊ සංවිධානයේ හිටපු ත්‍රස්තවාදීන් පිරිසක් විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණියන් හත් දෙනකු ඉන්දීය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ශ්‍රී ලාංකික තරුණයින් හත්දෙනා ඉන්දීය කේරළ පොලිසිය පෙරේදා 14 අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි වලසවාක්කම් ප්‍රදේශයේ දෙමළ සරණාගත නිවාස හතරකින් බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබේ .
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ කේරළ ප්‍රදේශයට ඉකුත් අප්‍රේල් මාසයේදී ගොස් තිබූ බෝට්ටුවක් පරික්ෂා කිරීමේදී එහි තිබී ස්වයංක්‍රීය ගිනි අවි කිහිපයක් හා රුපියල් කෝටි තුන්දාහක් වටිනා හෙරොයින් තොගයක් ඉන්දීය කේරළ පොලිසිය සොයාගෙන ඇත.
පසුව කෙරෙන පොලීසිය මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී ශ්‍රී ලාංකික දමිළ තරුණයින් දෙදෙනකු වන සුරේෂ් රාජ් හෙවත් සින්න සුරේෂ් සහ සවුන්ද්‍රරාජන් යන අය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd