
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප 02 ක් මත මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද නියෝග කළේය.
ඊට අමතරව ඔහුට විදෙස් ගමන් තහනම් කරමින් ආගමන විගමන පාලකවරයා වෙත ද තහනම් නියෝගයක් නිකුත් කළේය.
මෙම නඩුවේ 09 වැනි සැකකරු ලෙස ඔහු නම් කර තිබු අතර මෝසමක් මාර්ගයෙන් අධිකරණය වෙත පැමිණ බාර විය.
COMMENTS
අපේ ආණ්ඩුවක් තිබුණා නම් මෙතුමන්ලාට කිසි වැරැද්දක් වෙන්නේ නෑ. තෙන්නකෝන් මහත්තයා ස්ථිර පොලිස්පති. අපේ ලංසා මහත්තුරුන්ගේ ව්‍යාපාරත් හොඳටම යනවා. පාතාලෙත් අපිට කන්ට්‍රෝල්.... අපි සතුටින්.
දේශබන්දු සෑර්ගේ උපදෙස් පිලිපදින විට හිතුවේ නැහැ නේද මෙහෙම පරිප්පුවක් කන්න වෙයි කියලා, තවම තොවිලය පටන් ගත්තා විතරයි ඉස්සරහට තව හොද හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන් වෙයි කාට කටත්, හැබැයි කෙදිරි ගානවා ඔට්ටු නැහැ !