(නිමල කොඩිතුවක්කු)
හිටපු ඇමතිවරුන් නැවත නැවතත් පත් කිරීමෙන් රටේ ප්‍රශ්ණ නොවිසදෙන බව ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වටහා ගත යුතුව ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය.
තවදුරටත් කාළය නාස්ති නොකර රට කළ හැකි කණ්ඩායමකට රට භාරදී ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට බලකර සිටින බවත් අත්තනායක මහතා සඳහන් කලේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
“රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීම සම්පූර්ණම ගෝඨා ගෝ හෝම් අරගලය පාවා දීමක් ලෙස අපි දකිනවා. මොකද ඔහු කිසිම කොන්දේසියක් නැතුව තමයි අගමැතිකම භාරගත්තේ.
ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පසුගිය සතියේ ගත්ත පියවර කිසිම දෙයක් ගැන සතුටු වෙන්න බැහැ. පෙට්‍රල්, ඩීසල්, ගෑස් පෝලිම් තුන්ගුණයකින් වැඩි වෙලා. ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග ගැන සැලසුමක් ඉදිරිපත් කර නැහැ.
අඩුම ගානේ අගමැතිවරයා විදියට පත්වෙලා කැබිනට් ඇමතිවරු සමග මේ රටේ මූලික ප්‍රශ්න ටික හඳුනගෙන, ගෑස්, විදුලිය ,පොහොර,ඉන්ධන සහ fඖෂධ ලබාදීමට කඩිනම් පියවර ගත යුතුයි. රටේ පවතින අති උද්ධමනය විසඳීමට වැඩපිළිවෙළක් නැහැ. ඇමතිවරු මාරු වුණත් ආණ්ඩුව නැවත අලුත් ආණ්ඩුවක් විදියට පිළිගන්න බැහැ.
අලුත් අගමැති වරයෙක් පත්වුණා අලුත් ආණ්ඩුවක් පත්වුණා ඒත් දේශපාලන ස්ථාවරභාවයක් විශ්වාසයක් විදේශ ශ්‍රමිකයන්ට, විදෙස් මුදල් එවන අයට ඇති වෙලා නැහැ. අගමැතිතුමා ඔහුගේ පිළුණු වෙච්ච ගෝලබාලයන් ගේ කමිටුවක් හදලා. එයට වජිර සාගල අකිල රංගෙ බංඩාර වැනි අය පත් කරලා. තමන්ගේ අය ළඟට ගෙන රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. මේ කමිටුව නිසා කැබිනට්ටුව හෑල්ලුවට ලක්වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පුළුවන් ඕවාට විසඳුම් දෙන්න. මොකද මම ඔය සෑම ට්‍රික් එකක්ම ඉගෙන ගත්තා.
තමුන්ටත් එය අදාලයි. ඔය රොත්තටම රට කරන්න බැහැ .
හරින්ට, මනූෂට විනය පරීක්ෂණ නැද්ද?
විශ්වාසවන්තකම නැතුව රටට ඩොලර් ගෙන්න ගන්න විදියක් නෑ. ගෝල් ෆේස් අරගලයෙන් ඉල්ලන්නේ රටේ විශ්වාසනීය බවත්, සැමට එක නීතියත්, අධිකරණයේ සහ පොලිසියේ ස්වාධීනත්වයත්ය. පරණ ගේමි කාරයින් සහ නාට්‍ය කාරයින් එක්ක මේ යන්නේ තවත් වෙනත් දෙයක්...
ඉන්න පොඩ්ඩක්, ඔබතුමාට මාසයක ඵලපුරුද්දක් තියෙන නිසා සෞඛ්‍ය ඇමැතිකම ලැබෙනවා.
තිස්ස අත්තනායක, ඔයාගේ හිටපු නායකතුමා ඔබට ඇමැති තනතුරක් ලබාගන්න කියලා ආරාධනා කළේ නැතිද? එසේ ආරාධනාවක් ලැබුනේ නම් රට වෙනුවෙන් කියලා ඉදිරිපත් වෙන්න...!
ප්‍රශ්න විසඳන්න තමයි ලොක්කාට කිව්වේ අගමැතිකම ගන්න කියලා. කොහෙද බය වුණානේ. නැතිනම් අපි ඇවිල්ලා ප්‍රශ්න ඔක්කොම විසඳනවා...