
(ඩබ්ලිව්. ඩී. එම්. විතානගේ )
කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීමට රජයට පවරා ගෙන තිබූ ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු ඇමැතිවරයෙකු වන ආචාර්ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද ( 06 වැනිදා ) පස්වරුවේ නියම කරනු ලැබුවා ය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ගත කරනු ලැබුවේ හිටපු ඇමැතිවරයෙකු වන ආචාර්ය මර්වින් සිල්වා , කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වන වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් හා නවින් වීරකෝන් යන තිදෙනා වෙති.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශය මඟින් මොවුන් ඊයේ 05 වැනිදා ) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd