
හිටපු 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා ස්වර්ගස්ථ වූ බව අද(31) වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.අද(31) වතිකානු වේලාවෙන් උදෑසන 9.34 ට වතිකානයේ මේටර් ඉක්ලීශියායි පල්ලියේදී 16 වෙනි බෙන්ඩික්ට් හිටපු පාප්තුමා ස්වර්ගස්ථ වී තිබේ.
ස්වර්ගස්ථ වන විට 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා 95 වෙනි වියේ පසුවිය.2005 වසරේ අප්‍රේල් 19 වැනිදා සිට 2013 වසරේ පෙබරවාරි 11 වැනිදා ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කරන තෙක් 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා සිය ධුරයේ කටයුතු කළේය.
පාප් පදවියේ වගකීම දැරීමට තමන්ට කායිකව නොහැකි යැයි හැඟෙන බව පවසමින් පල්ලියේ වසර 2000 ක ඉතිහාසය තුළ ඉල්ලා අස්වූ ප්‍රථම පාප්තුමා වන්නේ ද 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමාය.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත්‍ය මෙනෙහි වී ආශාව දුරලූ උත්තමයෙක් කියන්න පුළුවන් ලංකාවේ සිටින දේශපාලුවන් සියල්ලන්ම මෙතුමා ආදර්ශයට ගනිල්ලා....
වසර 600 කට පසු.
අපේ රදගුරාත් මලාද. කෝ අර පාස්කු ප්‍රහාර කේස් එකත් එහෙම්ම වලේ නේද.. කෝ සාධාරනේ ඉස්ට උනාද දන්නෙ නෑ.
පාප් යනු දෙවියන්ගේ නියෝජිතයා නොවේය. එය මිනිස්සු හදාගත් තනතුරකි. කුරුස යුද්ධ අවුලා ලක්ශ ගනන් මිනිස්සු මැරුවේ පාප්ය.
වතිකානුවේ ඩොලර් ට්‍රිලියන ගනනක ධනය දුප්පතුන්ට බෙදන්න මෙයාලට හිතුනේ නැද්ද දන්නෙ නෑ. පොදි ගහගෙන අරන් ගියාද දන්නෙ නෑ ගිය තැනට.
ස්වර්ගස්ථ උනානම් මෙච්චර කල් බලන් හිටියේ ඇයි ,????