IMG-LOGO

හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම සලකා බලන්න දින දෙයි

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම ලබන 20 වැනිදාට යළි සලකා බැලීමට අභියාචනාධිකරණය අද (18) දින නියම කළේය.

මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (18) යළි සලකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව නිතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබ ඇතැයි මෙම පෙත්සමේ සදහන් කර ඇත.

එම නඩුවට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15 (1) වගන්තිය ප්‍රකාරව සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව පුත්තලම මහාධිකරණ විනිසුරුවරයාට හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හැරීමට බලයක් නොමැති බවට සදහන් කරමින් ඇප ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි ද එම පෙත්සමෙන් දක්වා තිබේ.

ඒ අනුව, අගතියට පත් නිතීඥ හිජාස් හිසුබුල්ලා මහතා විසින් මෙම තීරණය ප්‍රතිශෝධනය කරන ලෙසට ඉල්ලා අදාළ පත්සම ඉදිරිපත් කර ඇති අතර, එය විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙස ද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

 



අදහස් (0)

හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම සලකා බලන්න දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1014 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site