IMG-LOGO

හච් ”‍හරිකේන්”‍ සමඟ හරි තෑගි රැසක්

හච්, විසින් ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක මෙම කාලය සඳහා ගැළපෙන, විශේෂිත දීමනා රැසක් සමඟින් සිය මෙගා රීචාර්ජ් ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වාදෙන ලදී.

හච් “හරිකේන්”‍ නමින් හඳුන්වන මෙම වැඩසටහන මඟින් සියලු‍ම හච් පාරිභෝගිකයන්ට ඔවුන් රීලෝඩ් කරන සෑම රුපියල් 100ක් හෝ ඊට වැඩි වටිනාකමක් සඳහාම ත්‍යාග දිනා ගැනීමට අවස්ථාවක් ලබා දෙන බව එම සමාගම සඳහන් කරයි.

මෙම වැඩසටහනේ සුපිරි ත්‍යාගය වශයෙන් මහින්ද්‍රා (SUV) මෝටර් රථයක් සහ ඉදිරි සති 8 ක කාලය තුළ සතිපතා Yamaha ජෙනරේටර්ස්, Rhoda ස්මාර්ට් ඉලෙක්ට්‍රික් බයික්, සැම්සුන්ග් 5G ස්මාර්ට්ෆෝන්, සැම්සුන්ග් ස්මාර්ට් ඔරලෝසු, Airpods සහ Battery-backed WiFi රවුටර්ස් යන ත්‍යාග දිනාගත හැකි බවද එම සමාගම කියයි.

වර්තමානයේ පවතින අභියෝග හමුවේ පුද්ගලයින්ගේ එදිනෙදා කටයුතු පහසු කිරීමේ අරමුණින් ජෙනරේටර්ස්, ඉලෙක්ට්‍රික් ස්මාර්ට් බයික් සහ Battery-backed WiFi රවුටර්ස් වැනි ත්‍යාග හඳුන්වාදී ඇත.  

හච් “හරිකේන්”‍ වැඩසටහන සියලු‍ම හච් පාරිභෝගිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක “ගාස්තු රහිත”‍ වැඩසටහනක් වන අතර සුපුරුදු හච් රීචාර්ජ්  කිරීම් තුළින් ඔවුන්ගේ ජීවිත පහසු කර ගැනීමට මෙමඟින් අවස්ථාව සැලසේ. සෑම රුපියල් 100ක් හෝ ඊට වැඩි රීලෝඩ් කිරීමක් සඳහා ජයග්‍රාහී ප්‍රවේශයක් හිමිවන අතර වැඩි ප්‍රවේශයන්, ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව වැඩි කරයි.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

හච් ”‍හරිකේන්”‍ සමඟ හරි තෑගි රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 517 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 945 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site