(තිළිණි ද සිල්වා)
කොරෝනා වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාව අවදානම් සහිත රටක් ලෙස නම් කිරීමට හොංකොං රාජ්‍යය පියවර ගෙන ඇත.
එය අද (20) සිට බලපැවත්වෙන පරිදි එහි පාලනාධිකාරිය මෙම පියවර ගන ඇතැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන පුද්ගලයින් සදහා නිරෝධායන නීති දැඩි කිරීමටද හොංකොං පානාධිකාරියේ බලධාරීන් පියවර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටී.
ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය , කාම්බෝජය , ප්‍රංශය ,ග්‍රීසිය ,ඉරානය සහ මැලේසියාව ඇතුළු තවත් රටවල් 15ක්ද එහි අවදානම් රටවල් ලැයිස්තුවේ වෙති.
ලංකාව ඇතුළු මෙම රටවල් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවන බවත් , එම රටවල් වලින් ඉතාම කෙටි කාලයක් තුළ කොරෝනා ආසාදිත විශාල රොගීන් සංථ්‍යාවක්ද වාර්තා වීමත් සමග හොංකොං පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇතැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අපේ සර්ට කියන්න .දෙයි දුවන්න හොන්කොන්වලට
මේ පටන් ගත්තා විතරයි .මේ වගේ අමන පාලකයෝ එක්ක මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න එපා
අවදානම් නොවේ මෙය දැන් හිගාකන රටක් ලෙස නිවැරදි විය යුතුයි.1977 පසු මෙම රට පාලනය කල උත්තමයන් ජාතියට දායාද කල සහ කරමින් සිටින අනර්ඝතම වස්තුව එයයි.
නිදහස් පසුව හිඟා නොකෑවේ 1971-1977 දක්වා පමණක් බව මතක් කර දෙමි
ඕක තමා අලුත්ම සෙල්ලම .WMHO කියන දේ ඇහුවේ නැත්තම් රෙඩ් ලිස්ට් දානවා ,උන්ට ඕනේ එකක් දාගන්න කියන්න .අපේ රටේ මිනිස්සුන්ට උන් කන්න දෙන නෑනේ .ස්තුතියි