(අංජුල මහික වීරරත්න)
කොළඹ ජාතික රෝහලේ ජපන් රජයෙන් පරිත්‍යාග ලෙස ස්ථාපිත යන්ත්‍ර සූත්‍ර නිරීක්ෂණය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා (H.E. Akio Isomata) මහත්වරුන් ඇතුළු ජපාන දූත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
බාහිර රෝගී අංශයේ ස්ථාපිත රෝග විනිශ්චය නිරූපණ මධ්‍යස්ථානය, හදිසි ප්‍රතිකාර ඒ්කකය සහ හදිසි අනතුරු ප්‍රතිකාර අංශය ද ඔවුන්ගේ නිරීක්ෂණයට ලක් විය.
ජපන් රජයේ සහ ජපන් ජනතාවගේ පරිත්‍යාගයන් ලෙස ශ්‍රී ජාතික රෝහලට ලබා දුන් උපකරණ වලින් සිදුවන ප්‍රතිකාර සේවාවන් පිළිබදව අවබෝධයක් ලබා ගැනීමත්, ජපාන රජයේ සහයෝගය ඉදිරියටත් මෙරට සෞඛ්‍ය පද්ධතියේ සංවර්ධනයට දායක කරගැනීමත් අරමුණු කරගනිමින් මෙම නිරීක්ෂණය සිදුකෙරිණි.
මෙරට ජනතාවගේ සෞඛ්‍ය තතත්වය ඉහළ නංවාලීම සදහා මෙන්ම කාර්යක්ෂම, විශිෂ්ට ප්‍රතිකාර සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින් M.R.I යන්ත්‍රයක්, C.T. Scan යන්ත්‍රයක්, Cathlab ප්‍රතිකාර අංශයක්, ඇතුළුව වෛද්‍ය හා ශල්‍ය උපකරණ, මෙන්ම අත්‍යවශ්‍ය උපකරණ රාශියක් ශ්‍රී ලංකා ජාතික රෝහලට මීට මාස කිහිපයකට පෙර ජපන් රජයෙන් ලබා දීමට කටයුතු කර තිබුණි. එම උපකරණ සියල්ලෙහි වටිනාකම ජපන් යෙන් මිලියන 1000 කි.
මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමාටා මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව හා ජපානය අතර දීර්ඝකාලීන මිතුදමක් පවතින අතර මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගත සංවර්ධනය වෙනුවෙන් මෙතෙක් ලබාදුන් සහාය ඉදිරියටත් අඛණ්ඩව ලබාදෙන බව යි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
සෞඛ්‍යයේ දියුණුවට ජපානෙන් දිගටම උදව්