(අංජුල මහික වීරරත්න)

සිසු සැරියට අලුත් බස් දෙසීයක් මේ වසරේදී එකතු කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවැසීය.

ඉසුරුපාය පරිශ්‍රයේ දී ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සමග පැවති හමුවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

පාසල් සිසුන් ප්‍රවාහනය සම්බන්ධයෙන් රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී පාසල් සිසුන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට අදාල ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමඛතාවක් සේ සලකා ක්‍රියා කරන බවයි. මේ වසරේ දී ඒ වෙනුවෙන් රුපියල් බිලියනයක පමණ වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.