සිවිල් යුද සමයේ සිදුකරන ලද යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද්ට මරණ දඬුවම නියම කිරීමට සිරියානු අධිකරණයක් තීන්දු කර ඇත.

රැසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආරක්ෂාව යටතේ රුසියාවට පලා ගොස් සිටින බැවින්, අධිකරණය තීන්දුව ලබා දෙන අවස්ථාවේ, අසාද් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

අසාද් පාලනය අවනස් වූයේත් ඔහු රුසියාවට පලා ගි‍යේත් 24 දෙසැම්බර් මාසයේදීය.

එදා විපක්ෂ කණ්ඩායම් බලය අල්ලා ගත් අතර, අද එම කණ්ඩායම් රජයක් පිහිටුවා ඇත.

සිරියාවේ වත්මන් ජනාධිපති ලෙස කටයුතු කරන ඇමෙරිකන් හිතවාදියකු ද වන අල් ෂාරා, එදා විපක්ෂ කණ්ඩායම්වලට බලය අල්ලා ගැනීමට සහාය දුන් අල් කයිඩා ත්‍රස්ත නායකයෙකි.