
(ශ්‍යාමන් ජයසිංහ )
කොට්ටාව නගර මධ්‍යයේදී අද (03) සිමෙන්ති තොගයක් පැටවූ ලොරියක් පෙරළී සිදු වූ අනතුරකින් දැඩි රථවාහන තදබදයක් ඇතිි විය.
සිමෙන්ති කොට්ට 450 ක් පටවා ගත් ලොරිය මත්තේගොඩ ප්‍රදේශයේ සිට පැමිණ හෝමාගම දෙසට හැරවීම සඳහා හයිලෙවල් ප්‍රධාන මාර්ගයට යොමු කිරීමේදී මාර්ගය මැද පෙරළී ඇතැයි පොලිසිය කියයි.
සිදුවූ අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී නැතිි අතර ලොරිය පෙරළීමත් සමග එහි තිබූ සිමෙන්ති කොට්ට මාර්ගය පුරා සීසීකඩ විසිරී යන්නට වූ බව පොලිසිය කියයි.
එම ස්ථානයට පැමිණි කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති රොෂාන්ද සොයිසා මහතා ප්රමුඛ රථ වාහන අංශයේ නිලධාරීන් සිමෙන්ති ලොරියේ රියදුරු සමග සාකච්ඡා කර වෙනත් ලොරියක් එම ස්ථානයට ගෙන්වා කඩිනමින් මාර්ගය පුරා වැටී තිබූ සිමෙන්ති කොට්ට එම රථයට පටවා
පැය කිහිපයක් පුරා හයිලෙවල් මාර්ගයේ තිබූ වාහන තදබදය අවම කිරීමට පියවර ගැනීමට කටයුතු කළහ
ලොරිය දකුණු පසට හැරවීමේදී එහි තිබූ සිමෙන්ති තොගය බරවීම හේතුවෙන් මෙම අනතුර වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන මිල වැඩිකරපු හින්දා... ඉක්මණට ෂෙඩ් එකක්ට යන්න හිතිලා දන්නේ නැහැ.
ඉන්ධන මිල දරාගන්න බැරිවෙලාවත්ද?
ගෙවල් දොරවල් හදාගන්න ඕන අයට නොමිලේ සිමෙන්ති කොට්ට දෙන්න පුළුවන්නේ.
මමත් බ්ලොක් ගල් වැඩපළක් කරනවා. මටත් සිමෙන්ති කොට්ට දෙන්න බැරිද?
අනතුරක් කාටවත් නැතිනම් කමක් නැහැ.
මෙවැනි වාහනවලට සිමෙන්ති පැටවීමේදී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුයි. මෙවැනි වාහන ධාවනය කරන විටත් නිශ්චිත වේගයක් පවත්වාගත යුතුයි.
පරිිස්සමට යන්න ඕනෑ.
දැන් සිමෙන්ති මිලත් වැඩිවෙයි. ඉරාන ... ඊශ්‍රායෙල් යුද්ධය හින්දා...
බයිසිකලයක්, ත්‍රී විලරයක් උඩට වැටුණා නම් කාට කියන්නද?
මහමග අනතුරු, වියහැකි නිරතුරු, ගෙන නිසි තොරතුරු, දිවි රැක නිරතුරු