
වසරක කාලයක්, අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ‘ස්පේස් එක්ස්’ සමාගමට අයත් ‘ෆෝල්කන් 9’ රොකට්ටුවේ කොටසක් සඳ මතට කඩා වැටුණි. රොකට්ටු කොටස සඳ මතට කඩා වැටීමෙන් කුඩා ප්‍රමාණයේ ආවාටයක් ද නිර්මාණය වූ බව විදෙස් මාධ්‍ය පැවැසීය.
බස් රථයක් තරම් ප්‍රමාණයෙන් විශාල රොකට් කොටස කිලෝ ග්‍රෑම් 4,000 ක් බරින් යුක්ත විය. සඳුගේ කක්ෂයට පිවිසි එය, සඳ මතුපිටට කඩා වැටුණේ පැයට කිලෝ මීටර් 8,690 ක වේගයකින් යැයි පැවැසෙයි.
රොකට් කොටස සඳට කඩා වැටීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළ ස්පේස් එක්ස් සමාගම පැවැසුවේ, රොකට් කොටස සඳුගේ බටහිර කෙළවරේ, ‘අයින්ස්ටයින්’ නමැති විශාල ආවාටයට කඩා වැටුණු බවය.
පෘථිවියෙන් යැවූ රොකට්ටු කොටසක් සඳට වැටී ආවාටයක් නිර්මාණය වුණු පළමු අවස්ථාව මෙය නොවන බවත් එසේ කඩා වැටුණු රොකට් කැබැලි ගණන 100 කට වැඩි බවත් පැවැසෙයි.
ස්පේස් එක්ස් යනු 2002 දී ලොව අංක එකේ බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් අභ්‍යවකාශ ගමන් බිමන් සඳහා පිහිටවූ සමාගමය. අනාගතයේ දිනෙක අඟහරු ලොවට ගගනගාමීන් යැවීම සහ පදිංචි කරවීම අරමුණු කර ගනිමින් ස්පේස් එක්ස් සමාගම පිහිටුවීම සිදුවිය. අභ්‍යවකාශ ගවේෂණ කටයුතු අතර ප්රමුඛ පෙළේ පෞද්ගලික අභ්‍යවකාශ තාක්ෂණ සමාගමක් ලෙස ස්පේස් එක්ස් ඉදිරියෙන් සිටී.
‘ෆෝල්කන් 9’ යනු ස්පේක්ස් එක්ස් සමාගම ගගන කැප්සියුල, ගගන ගවේෂණ යානා සහ චන්ද්‍රිකා ආදිය පෘථිවි කක්ෂයට තල්ලු කිරීමට නිර්මාණය කළ, නැවත නැවතත් භාවිතයට ගැනෙන ප්‍රබල රොකට්ටුවකි.
පසුගිය 2025 දී, ස්පේක්ස් එක්ස් සමාගම, ‘ෆෝල්කන් 9’ රොකට්ටුවක ආධාරයෙන්, ‘ෆයර්ෆ්ලයි’ නැමති රොබෝ ගවේෂණ යානය සඳට යවා පතිත කළේය සඳට කඩා වැටීම සිදුවූයේ එම මෙහෙයුමේ දී රොකට්ටුවෙන් වෙන්වුණු කොටසය. රොකට්ටු කොටස මෙතෙක් කල් අභ්‍යවකාශයේ සහ සඳුගේ කක්ෂය ආසන්නයේ පාවෙමින් තිබුණි.
‘ෆයර්ෆ්ලයි රොබෝ යානය, ‘ෆයර්ෆ්ලයි එරෝස්පේස්’ නමැති ඇමෙරිකන් තාක්ෂණ සමාගමේ නිර්මාණයකි. ස්පේස් එක්ස් සමාගම, ඇමෙරිකාවේ නාසා ආයතනය සමග අත්වැල් බැඳගෙන සිටී. නාසා ආයතනය අභ්‍යවකාශ නැවැතුම්පොළට ගගනගාමීන් රැගෙන යෑම සිදු කරන්නේ ද ස්පේස් එක්ස් සමාගම හවුල් කර ගනිමිනි. යළි සඳට යෑමට නාසා ආයතනය ආරම්භ කර ඇති ‘ආටිමිස්’ මෙහෙයුම් සිදුවන්නේ ද ස්පේස් එක්ස් සමාගම සමග හවුලේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd