IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් අත්වැලක්

මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට සවිමත් අත්වැලක් වෙමින්, වගකීම් සහගත මූල්‍ය සේවා සම්පාදකයකු ලෙස එම ක්ෂේත්‍රයේ දීර්ඝ කාලීන වර්ධනයට උරදීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සූදානමින් සිටී.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් සියයට 70 කට පමණ රැකියා අවස්ථා උදාකර දී ඇති මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, රටේ කාර්මික නිෂ්පාදනයෙන් තුනෙන් එකකට පමණ දායක වෙයි. එමෙන්ම මෙම ව්‍යාපාර අංශය රටේ දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය සුළුපටු නොවේ. එහෙත් රටේ ව්‍යාපාර කටයුතු වලට බාධා එල්ල වන සෑම අවස්ථාවකදීම, ඊට සමගාමීව අභියෝග රාශියකට මුහුණ දීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට සිදු වේ. මෙය COVID ව්‍යාප්තිය සමගින් අපට වඩාත් පැහැදිලි විය.

“රටේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අත්වැලක් වීමේ වගකීම භාරගනිමින්, ඔවුන්ගේ දීර්ඝ කාලීන වර්ධනය උදෙසා ඔවුන් සමග අත්වැල් බැඳ ගැනීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කටයුතු කර තිබෙනවා. මෙහිදී එම ව්‍යාපාර වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ මූල්‍ය පහසුකම්, ඩිජිටල් තාක්ෂණය, අතිනවීන බැංකු සේවා විසඳුම් සහ උපදේශන සේවා සමග, ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වලදී බෙහෙවින් ප්‍රයෝජනවත් වන මුදල් කළමනාකරණ සේවා එකතුවක් ද හඳුන්වා දීමට අප පියවර ගත්තා.” නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති - වාණිජ බැංකුකරණ, අරෝෂ ලියනාරච්චි මහතා පැවසී ය.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් මෙම සුවිශේෂී විසඳුම් හඳුන්වා දී ඇත්තේ, රටේ ආර්ථිකයට වටිනාකම් එක් කරමින්, දීර්ඝකාලීන සැලසුමක් ඔස්සේ සාර්ථකත්වය කරා යාමට එම ව්‍යාපාරවලට උපකාරී වන පරිද්දෙනි. ඉහළ වර්ධන හැකියාවක් සහිත සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සමග සමීපව කටයුතු කරමින් ඔවුන්ට වෘත්තීය උපදෙස් හා මගපෙන්වීම් ලබාදීමටත්, එම ව්‍යාපාරවල විවිධ පියවර අනුව මතුවන විශේෂ අවශ්‍යතාවලට අනුකූල මූල්‍ය විසඳුම් පිරිනැමීමටත් බැංකුව කටයුතු කරයි. මෙම විසඳුම් අතරට ව්‍යාපාර පරිපාලන මෙවලම් ද ඇතුළත් වන අතර, එමගින් පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යමින්, ව්‍යාපාරය දියුණු කරගැනීම සඳහා වැඩි අවධානයක් යොමුකිරීමට ව්‍යාපාර හිමියන්ට අවස්ථාව ලැබේ.

මුදල් ජනනය කිරීමේ චක්‍රය වැඩිදියුණු කරගනිමින්, සමස්ත ව්‍යාපාරයේ කාර්යක්ෂමතාව වර්ධනය කරගැනීමට ව්‍යාපාර හිමියන්ට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ද්‍රවශීලතා විසඳුම් භාවිත කළ හැක. එමෙන්ම එමගින් ඔවුන්ට සියලු‍ම මූල්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධ දත්ත ගබඩාවක් නිර්මාණය කරගනිමින්, අවශ්‍ය මූල්‍ය තොරතුරු ඉතාමත් පහසුවෙන් ලබාගත හැකි වන නිසා, සමස්තයක් ලෙස මෙම ක්ෂේත්‍රය වඩාත් ලාභදායී ව්‍යාපාර ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට හැකියාව ලැබේ.



අදහස් (2)

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් අත්වැලක්

Chathura Thursday, 27 January 2022 01:26 AM

ඉතා වැදගත් හා කාලීන මාතෘකාවක් පිළිබඳ වටිනා අදහස් දැක්වීමක්...!

:       2       0

Chathuranga Thursday, 27 January 2022 01:28 AM

ඉතා වැදගත් හා කාලීන මාතෘකාවක් පිළිබඳ වටිනා අදහස් දැක්වීමක්..

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site