(යොහාන් භාසුර)
සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ (20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 4.3 ක් හෙවත් කෝටි 430 ක් ආනයන බදු ලෙස අයකරගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
එම සහල් මෙට්‍රික්ටොන් 67000 තුළ කැකුළු සහල් මෙට්‍රික්ටොන් 28500 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 38500ක් ඇතුළත් වූ බවත් එම සහල් කිලෝවක් වෙනුවෙන් රුපියල් 65 බැගින් ආනයන බදු අය කළ බවත් අරුක්ගොඩ මහතා කීය.
බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සහල්වලින් කෝටි 430 ආනයන බදු ආදායමක්
Nilantha Saturday, 21 December 2024 12:55 PM
ලැජ්ජයි සීවලී ඔය රුපියල් කෝටි 430 ගන්න ඩොලර් කොපමණක් විදේශවලට ගියාද? භාණ්ඩාගාරය කොතරම් හිස් වුණාද කියලත් කියන්න ලංකාවට ඇතිතරම් සහල් නිෂ්පාදනය කළා නම් ඩොලර් ටික විදේශගත වෙන්නේ නැහැ. ඒ වුණත් සීවලීලාට ආනයන නිසා රේගුවට අච්චර ලැබුණා මෙච්චර ලැබුණා කියන්න ලැබෙන්නෙත් නැහැ.
gamageSaturday, 21 December 2024 02:59 PM
සීවලීලා ලැජ්ජා වෙන්න ඕනෑ මාසෙන් වී වපුරලා හාල් කරන්න පුළුවන් නම්. ඇයි මහත්තයෝ හංගන්නේ..? ලැජ්ජා වෙන්න ඕනෑ ඕ ගොල්ලෝ සහ ඔයගොල්ලන් පත්කරපු සෙට් එක දශක ගණනාවක් කරවූයේ ඇඬෙනවා තාම...
jeganathan Dhayalan Saturday, 21 December 2024 02:16 PM
සහල් කියන්නේ අත්‍යාවශ්‍ය ආහාරයක්. එයට බදු ගසා ආදායම් ඉහළ නැංවීම නොවේ මේ මොහොතේ කළ යුත්තේ. අනික ඔය බද්ද ගෙවන්නේ ආනයනයකරුවන් වුණාට එය ගෙවන්නේ සාමාන්‍ය ජනතාව කියලා හොඳට මතක තියාගන්න. මිනිස්සු කබලෙන් ලිපට වැටිලා ඉන්න මොහොතක ඔහු බදු ඉවත් කර පුළුවන්නම් අඩු මිලට සහල් ලබා දෙන්න...!
AsankaSaturday, 21 December 2024 03:17 PM
ලැජ්ජයි නම් වවන්නේ නැත්තේ ඇයි?
chan Saturday, 21 December 2024 03:05 PM
රුපියල් වලින් ආදායම වියදම ගණන් කරන්න දන්නවා වුණාට ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුම නම් බින්දුවයි...
sene Saturday, 21 December 2024 03:38 PM
ලෙඩා මැරුණත් බඩ සුද්දයි...
Gihan Saturday, 21 December 2024 04:13 PM
වස්තරේ මළපහ වෙලා, කැටයම් කපනවා කියන්නේ ඔන්න ඕකට තමයි...
Prasanna Saturday, 21 December 2024 05:22 PM
ඔය බදුසල්ලි ගෙවන්නේ මහජනයා...
සුපුන් චාමර Saturday, 21 December 2024 08:42 PM
මට මතකයි ජනාධිපතිතුමා කිව්වා. මීනිහෙක්ට බඩගිනි වෙලා කන්න හදද්දී ඒකට බදු ගහලා වැඩක් නෑ කියලා. හැබැයි කිව්වේ ඡන්දෙට කලින්...
චමර කසුන් Saturday, 21 December 2024 08:51 PM
ලංකාවෙ සිස්ටම් එකම සම්පූර්ණයෙන් වැරැදියි. ගොවියන්ට පොහොර සහනාධාර වගා ණය වගා විනාශ වුණොත් වන්දි. මෙකී නොකී හැම දෙයක්ම දෙන්නේ මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්. හැබැයි ගොවිරාලලා වී ටික දෙන්නේ මහා පරිමාණ හාල් මුදලාලිලාට. ඔවුන් අධික ලාභයක් තියාගෙන මේ රටේ මීනිස්සුන්ට හාල් විකුණනවා. නැත්නම් හාල් තොග හංගලා වැඩි ගණන් වලට විකුණනවා. එතකොට ආණ්ඩුව හාල් රටින් ගෙන්නනවා. ඩොලර් ටිකට කෙලවෙනවා. රටින් ගේන හාලටත් මේ අය කිලෝ එකට පොඩි ගාණක් නෙමේ බදු ගහන්නේ. එතකොට මේ රටේ මිනිස්සු ඒ බද්දත් ගෙවලා තමයි හාල් ගන්නේ. එතකොට මම අහන්නේ අපේ බදු සල්ලිවලින් ගොවියන්ට පොහොර සහනාධාර, අර සහනාධාර, මේ සහනාධාර වගාවට වන්දි ආදී මෙකී නොකී හැම දේම දෙන එක සාධාරණද?
ranjith Sunday, 22 December 2024 05:05 AM
පව් නේද? මේ මිනිස්සු හාල් ටික ගන්න හැම තැනම ඇවිදිනවා. අන්තිමට දුප්පතාගේ බත්පතෙන් මහ ධනස්කන්ධයක් එකතු කරන්...
de silva Sunday, 22 December 2024 08:09 AM
ඩඩ්ලි ඇතුළු මාෆියාව ලංකාවේ නිපදවන සහල් වලින් ගසාකනවා. ආණ්ඩුව රටින් ගෙන්වන සහල් වලින් රුපියල් 65 ගසාකනවා... මෙහෙම කරන කොට සහල් 230-240 නැවතුණොත් ඇති... ඩඩ්ලිගේ සහ ආණ්ඩුවේ වැඩි වෙනසක් නැහැ.. ඔක්කෝම යාලුවෝ, ඔක්කෝම බොරු කාරයෝ මල්ලී...!
Janitha Sunday, 22 December 2024 04:28 PM
අසංක හරිනැහැනේ, සමහර වචන කියලා සතුන්ට අසාධාරණයක් කරන්න. අනික ඔයාට එහෙම වෙන අයිඩෙන්ටි කාඩ් එකක් හදන්න වෙනවා.
ලසන්ත Tuesday, 24 December 2024 07:42 PM
ඕවා ගේන්නේ මිනිස්සුන්ට කන්න හාල් නැති නිසා. නිකං මහ ලොකු වැඩක් කළා වගේ කියවන්නේ ඇයි...?